The Leader News
BREAKING
Top Ad
පුවත්

ආපදා කළමනාකරණයෙන් විශේෂ නිවේදනයක් - පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසට

T

The Leader Desk

January 8, 2026 • 5:08 AM

ආපදා කළමනාකරණයෙන් විශේෂ නිවේදනයක් - පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාලගුණ පුරෝකථන උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ පවසා සිටියේ, ඉදිරි පැය 24 තුළ දී මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.
  • එවැනි තත්ත්වයක් ඇති වුවහොත් උතුර, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම යන ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවද ඔහු පැවසීය.
  • මි.මී 75 - 100ත් අතර වැසි.
  • ඒ අනුව උතුරු පළාතේ මුලතිව්, යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන ප්‍රදේශවලට මි.මී 75 - 100ත් අතර, වැසි ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපකල්පනය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


කාලගුණ පුරෝකථන උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ පවසා සිටියේ, ඉදිරි පැය 24 තුළ දී මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් උතුර, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම යන ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවද ඔහු පැවසීය.

මි.මී 75 - 100ත් අතර වැසි...

ඒ අනුව උතුරු පළාතේ මුලතිව්, යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන ප්‍රදේශවලට මි.මී 75 - 100ත් අතර, වැසි ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපකල්පනය කර ඇත.

එසේම උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවලට මි.මී 50 - 75ත් අතර වර්ෂාපතනයක් බලාපොරොත්තු වේ.

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි හෝ මි.මී 100ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය කර ඇත.

එසේම සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට විටින් විට ගිගුරුම් සහිත වැසි සහ මි.මී 100ක පමණ වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.

මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවලට මි.මී 75 - 100ත් අතර වැස්සක් අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළම බලාපොරොත්තු විය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළමනාකරණය කරනු ලබන වැව් සහ ජලාශවල ජලය 80%ක් - 90ක් අතර ප්‍රමාණයක් පිරී ඇති බවත් ඒ අනුව අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවත් ඔහු කියා සිටියේය.

රතු නිවේදනයක් ..

මේ අතර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථානවෙත ගමන් කරන ලෙසත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටී.

මෙම තත්ත්වය තුළ යම් ආපදාවක් ඇති වුවහොත් යුද හමුදා කණ්ඩායම් 80ක්, නාවික හමුදා බෝට්ටු සහ ගුවන් හමුදාව විසින් වීරවිල, පලාවි, රත්මලාන, හිඟුරක්ගොඩ, අනුරාධපුර යන ස්ථානවල හෙළිකොප්ටර් යානා ස්ථානගත කර ඇතැයි ද පැවසු සම්පත් කොටුවේගොඩ, මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද හදිසි අවස්ථාවක් සඳහා සුදානමින් සිටින බවද පැවසීය.

| adaderana

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...