The Leader News
BREAKING
Top Ad
පුවත්

තිස්ස විහාරයට අල්ලාගත් ඉඩම් ඉල්ලන විරෝධතාකරුවන්ගේ විස්තර පොලිස් පොතට

T

The Leader Desk

January 8, 2026 • 8:11 AM

තිස්ස විහාරයට අල්ලාගත් ඉඩම් ඉල්ලන විරෝධතාකරුවන්ගේ විස්තර පොලිස් පොතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ විහාරස්ථානය ඉදි කර තිබෙන සිය භුමිය ආපසු ලබා දෙන ලෙස බල කිරීමේ විරෝධතාවය සදහා දුරුතු පෝය දිනයේ තිස්ස රජමහා විහාරස්ථානය වෙත ජනයා පැමිණෙන වාහන වල අංක සහ ඒවායෙහි රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අංක පොලීස් නිලධාරීන් විසින් ලේඛනගත කරන ලද බවයි.
  • ජනතාවට රටේ තමන් කැමැති ස්ථානයකට ගමන් කිරීමේ අයිතියක් පවතින බැවින් පොලීසිය මෙසේ හිරහැර කිරීමේ පදනම කුමන්දැයි විමසන අවස්ථාවේ පොලීසිය පවසා තිබුනේ ඔවුන් කරන්නේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවයි.
  • ජනතාව ආරක්ෂා කරන බව පවසමින් පොලීසිය ජනතාවට හිරිහැර කරන බවටත්, පසුව අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමු වන බවත් යාපනය නල්ලුර් ශිවගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි පොලීස් නිලධාරීන් හමුවේ පවසා තිබුනි.
  • "බොහෝ අයගේ ජාතික හැඳුනුම්පත විතරක් නෙමෙයි, ඔවුන්ගේ රියදුරු බලපත්‍ර ලියාපදිංචි කරා.
අකුරු ප්‍රමාණය (Font Size):


පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ විහාරස්ථානය ඉදි කර තිබෙන  සිය භුමිය ආපසු ලබා දෙන ලෙස බල කිරීමේ විරෝධතාවය සදහා දුරුතු පෝය දිනයේ තිස්ස රජමහා විහාරස්ථානය වෙත ජනයා පැමිණෙන වාහන වල අංක සහ ඒවායෙහි රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අංක පොලීස් නිලධාරීන් විසින් ලේඛනගත කරන ලද බවයි.

නව වසරේ පළමු පොහොය දිනයේ විහාරස්ථානය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයට සහභාගී වීම සදහා යාපනය නල්ලුර් ශිවගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි පැමිණ තිබුනේ  ත්‍රිරෝද රථයකිනි. එහි අංකය මෙන්ම රියදුරුගේ රියදුරු බලපත්‍රයේ විස්තර ද පොලීසිය විසින් සටහන් කරගෙන තිබුනි.

එම ලියාපදිංචි කිරීමට හේතු කවරේදැයි වේලන් ස්වාමි පොලීසියෙන් විමසන අවස්ථාවේ නිල ඇදුමින් සිටි පොලිස් නිලධාරිනියක පවසා තිබුනේ ‘විරෝධතාවක් පැවැත්වෙනවානේ අයියා, ඒ නිසා යන සියළු වාහන ලියාපදිංචි කරන්න කියලා අපිට කියලා තියනවා. ඒච්චරයි වෙන මුකුත් නෑ’ යනුවෙනි.

 

03 15

ජනතාවට රටේ තමන් කැමැති ස්ථානයකට ගමන් කිරීමේ අයිතියක් පවතින බැවින් පොලීසිය මෙසේ හිරහැර කිරීමේ පදනම කුමන්දැයි විමසන අවස්ථාවේ පොලීසිය පවසා තිබුනේ ඔවුන් කරන්නේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවයි.

ජනතාව ආරක්ෂා කරන බව පවසමින් පොලීසිය ජනතාවට හිරිහැර කරන බවටත්, පසුව අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමු වන බවත් යාපනය නල්ලුර් ශිවගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි පොලීස් නිලධාරීන් හමුවේ පවසා තිබුනි.

 

02 15
විරෝධතාවය සදහා එක්ව සිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් මාධ්‍යවේදීන් හමුවේ සැක පළ කර තිබුනේ පොලීසිය විසින් මෙසේ ලබා ගන්නා දත්ත උපයෝගී කර ගනිමින් එම ජනතාවට වෙනත් අවස්ථාවකදී මර්දනය කිරීමේ අරමුණක් පවතින බවට තමන් විශ්වාස කරන බවයි.

"බොහෝ අයගේ ජාතික හැඳුනුම්පත විතරක් නෙමෙයි, ඔවුන්ගේ රියදුරු බලපත්‍ර ලියාපදිංචි කරා. මේකේ පිටිපස්සේ අරමුණක් තියනවා. ඔවුන්ගේ රියදුරු බලපත්‍රය,  ඔවුන්ගේ වාහනය ඒ කියන්නේ ඉදිරියේ දී එයාලා මොන මොන වාහනය පාවිච්චි කරනවාද කියලා බලලා වෙන ස්ථාන වලදී එයාලට පහරදීමේ අරමුණ තියනවා කියලා අපි විශ්වාස කරනවා."

තිස්ස රජමහා විහාරස්ථානය ඉදි කර තිබෙන සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2026 දුරුතු පොහෝය දිනයේ විරෝධතාවයේ යෙදුනු පිරිස් ඩ්‍රෝන කැමරා මගින් ද මෙවර  නිරීක්ෂණය කළ බවට වලිකාමම් නැගෙනහිර ප්‍රදේශිය සභාවේ සභාපති ත්‍යාගරාජා නිරෝෂ් චෝදනා කර තිබුනි.

"ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රියා පටිපාටිවලට අමතරව, ඩ්‍රෝන කැමරා මගින් විරෝධතාකරුවන් නිරීක්ෂණය කරා. විරෝධතාවයට පැමිණි සෑම පුරවැසියෙකුගේම තොරතුරු ලියාපදිංචි කර ගත්තා."

තිස්ස රජමහා  විහාරස්ථානය ඉදි කර තිබෙන සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 16 ට අයත් අක්කර අට හමාරක්  ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.

“ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.

"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව 2023  අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ වැඩි දුරටත්  සදහන් කර තිබේ.

දෙමළ ජනයාට ඔප්පු ඇති ඉඩම් යුද්ධයෙන් අත්පත්කරගනිමින් තයියට්ටියේ  ඉදිකර ඇති විහාරය සැබෑ තිස්ස විහාරය නොවන බවට නාගදීප පුරාණ රජමහා විහාරාධිපති හා උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් ද සදහන් කර ඇත.

සබැදි පුවත් :

කන්කසන්තුරේ තිස්ස පන්සලේ හාමුදුරුවන්ට විරෝධය පෑ තිහකට ඇප

තයියට්ටියේ තිස්ස විහාරය ‘ව්‍යාජයක්’: උත්තර ලංකාවේ මහ සඟ නා හිමියෝ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තිස්ස විහාරයට අල්ලාගත් ඉඩම් ඉල්ලන විරෝධතාකරුවන්ගේ විස්තර පොලිස් පොතට | The Leader