ලක්විජය බලාගාරය වෙත ගෙන්වන ලද ගල්අඟුරු නැව් තොගය බාල ගල්අඟුරු බවත් මෙමගින් රුපියල් කෝටී දහසක පාඩුවක් සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක ඊයේ (7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ගෙන්වන ලද ගල්අඟුරු නැව් තොගයක නිසි ගුණාත්මකභාවයක් නොමැති බවට තිබෙන ප්‍රචාරය පිළිබඳ පැහැදිලි කිරීමක් බලශක්ත අමාත්‍ය කුමාර ජයකොඩි විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළේය.
ඒ අනුව, මෙම ගල්අඟුරු වාරයේදී ලක්විජය බලාගාරයේ නව සැපයුම්කරු වන Trident Champion ගෙන්වන ලද පළමු ගල්අඟුරු නැව පිළිබඳ විස්තරය පහත පරිදි වේ.
* මෙම ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ලංසු කැඳවීමේදී කොන්දේසි අංක 5.1 හා 5.1 හි වගන්ති අනුව ඉදිරිපත් කර ඇති නිර්නායක වනුයේ Calorific Value අගය 5900 සිට 6150 සහ තවත් නිර්ණායකයන් වේ. ගල්අඟුරු සැපයීමට සැපයුම්කරුවන් ඒ අනුව කටයුතු කළ යුතු බව පැහැදිලිවම සඳහන් කර ඇත.
* මෙම සිදුවීමට අදාල මෙට්‍රික් ටොන් 60,000ක් පමණ ගල්අඟුරු නැව් තොගය දකුණු අප්‍රිකාවේ RCBT වරායෙන් පටවා ඇති අතර පැටවුම් වරායේ තත්ව සහතිකයේ පිරිවිතරයන් අපේක්ෂිත පිරිවිතරයන්ට අනුකූලව ඉදිරිපත්ව ඇති බැවින් ගොඩබෑම් කටයුතු සිදු කර ඇත. මෙහිදී තත්ව වාර්තා ගැලපේ නම් 80%ක ගෙවීම් සඳහා Letter of acceptance ලංකා ගල්අඟුරු සමාගම නිකුත් කරනු ලබයි. එහෙත් ලිපි ලේඛණවල තිබූ අඩුපාඩු කිහිපයක් නිසා මේ වන තෙක් එම 80% ගෙවීම් කටයුතු අවසන් කර නොමැත.
* අදාළ නැව් තොග සඳහා අවසන් ගෙවීම් සිදු කරනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් තෝරා ගන්නා ලද Cotecna Inspection India Pvt Ltd සමාගමේ ගොඩබෑම් වරායේ තත්ව සහතික වාර්තාව නිකුත් කිරීමෙන් පසුවයි.
* ගොඩබෑම් අවසන් වී දින 10ක් තුළ මෙම වාර්තාව ලැබීමට නියමිත වේ. එනම් ජනවාරි 16ට පෙර එය ලංකාවට ලැබීමට නියමිතයි. ගිවිසුමට අනුව පැටවුම් වරායේ තත්ව සහතිකයට වඩා ගොඩබෑම් වරායේ තත්ව සහතිකයේ ගුණාත්මකභාවය අඩු වුව හොත් අප විසින් පෙර සඳහන් කළ පිරිවිතර පරාසය තුළ ඒ සඳහා දඩ මුදලක් අයකර ගැනීමෙන් පසුව ගල්අඟුරු තොග සඳහා ගෙවීම් කරනු ලබයි.
* මෙහිදී පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි, විශේෂයෙන් ගල්අඟුරුවල තියෙන ප්‍රධානතම සාධකයක් තමයි පිරිවිතරයන්ගේ තියෙන ප්‍රධාන Item එකක් තමයි Calorific Value එක අඩු වැඩි වෙන විදිහට තමයි ඒකෙන් නිෂ්පාදනය වන Energy එක බලශක්තිය තීරණය වෙන්නෙ. එතකොට අඩු වෙනකොට අඩු වෙනවා. බලශක්ති නිෂ්පාදනය වැඩි වෙනකොට වැඩි වෙනවා. ඒ අනුව ගිවිසුමට අනුව පැටවුම් වරායේ තත්ව සහතිකයට වඩා ගොඩබෑම් වරායේ වෙනස් වෙනවා නම් ගිවිසුම අනුව කටයුතු කරනවා. මෙමගින් ලක්විජය විදුලි බලාගාරයේ අවශ්‍යතාවයට අදාල එක් එක් පිරිවිතර පරාසයන්ගේ ගිවිසුමේ 5.2 වගන්තිය තුළ දක්වා ඇති පිටත එනම් ප්‍රතික්ෂේපිත මට්ටමේ ගල්අඟුරු තොග සපයා තිබුණහොත් දඩ මුදල් දෙගුණයකින් අය කිරීමට ගිවිසුමේ 5.6 වගන්තිය අනුව කටයුතු කරනු ඇත.
කෙසේ වෙතත් තොග ගොඩබෑම අවසන් කිරීමටද ප්‍රථම ලක්විජය විදුලි බලාගාරයේ රසායනාගාරයේ කරන ලද නියැඳි පරීක්ෂණයකින් එහි Calorific Value අගයන් 5689-5739-5760 සහ 5430 ලෙස අර පරාසයට අඩුවෙන් තමයි පෙන්නලා තියෙන්නෙ. නිරීක්ෂණය කරලා තියෙනවා. නමුත් මෙහි ප්‍රතිඵලය අපහට අදාළ කොන්ත්‍රාත්තුව සඳහා ගැලපීමට නොහැක. මොකද Accredited Lab එකකින් තමයි මෙම සහතිකය නිකුත් කරන්න ඕනෙ. අපේ ගල්අඟුරු බලාගාරය සතු රසායනාගාරයේ Accretion ලබාගෙන නැහැ මෙම අයිතමය පරීක්ෂා කිරීම සඳහා. ඒ අනුව ගිවිසුමට අනුව නම් කර ඇති Accredited Laborite මගින් ලැබෙන තත්ව වාර්තාව අනුව ගිවිසුමට අනුව කටයුතු කරන බවත් දැනුම් දීමට කැමැත්තෙමි.
මෙහිදී ඇත්තටම පෙබරවාරි මාසය අග වෙනකල් දැනටත් පසුගිය වසර සඳහා ඇනවුම් කරපු ගල්අඟුරු තියෙනවා. එහෙම තියෙද්දි මොකක් හරි අවශ්‍යතාවයකට දැං අලුතෙන් ආපු එක නැව බාලා ඉවර වෙන්නත් ඉස්සෙල්ලා මේක පරීක්ෂා කරන්න ගිහිල්ලා මොකද Accretion එකකුත් නෑ. ඒ වගේම බලශක්ති නිෂ්පාදනයටත් යොදාගෙන තියෙනවා. ඒ ගැන අපි වෙනම පරීක්ෂණයක් යොදනවා. මොකද ඒවා හරියට ක්‍රමවේද තියෙනවා ඕවා අවශ්‍ය විදිහට තමයි පාවිච්චි කරන්න ඕනේ. එහෙම පරණ තොග තියෙද්දි අලුත් තොගය පාවිච්චි කරලා ඒක ප්‍රසිද්ධ කරලා තියෙනවා. අනුමැතියක් නැතුව මෙම තත්ව පරීක්ෂණ වාර්තා මොකද පිලිගන්නෙත් නෑ.
සැපයුම්කරුවත් කවුරුවත්. ඉතිං අපි සැපයුම්කරු එක්ක තියෙන ගිවිසුම අනුවත් අපට නියමිත ගල්අඟුරු තත්ව පරීක්ෂණ වාර්තා ලැබුණට පස්සෙ ඒක ගිවිසුමට අනුව කටයුතු කරනවා කියලා මේ සභාවට දැනුම් දෙන්න කැමතියි."
අමාත්‍යංශයෙන් නිවේදනයක් ...
මේ අතර ලක්විජය බලාගාරය වෙත ගෙන්වන ලද ගල්අඟුරු නැව් තොගයක නිසි ගුණාත්මකභාවයක් නොමැති බවට ඩී.වී.චානක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් බලශක්ත අමාත්‍යංශය විසින් අද නිවේදනයක් නිකුත්කර ඇත. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
සැපයුම්කරු තෝරා ගැනීම :
ගල්අඟුරු සැපයුම්කරුවන් තෝරාගැනීමේදී අනුගමනය කරන ජාත්‍යන්තර තරඟකාරී සීමිත ලංසු ක්‍රමය යටතේ සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනිම සඳහා අනුගමනය කරන ලද්දේ එකම ක්‍රමවේදයකි. ඒ අනුව මේ වනවිට සැපයුම්කරුවන් විසි (20) දෙනෙකුම ලියාපදිංචි කර ඇති අතර කිසිම සැපයුම්කරුවකු වෙනුවෙන් පිරිවිතර වෙනස් කර නොමැති බව තහවුරු කල හැක.
පසුගිය රජයේ සමයේදී ලබාදුන් ටෙන්ඩරයේ නම් කැබිනට් අනුමැතිය සුදුසුකම් ලෙස සලකා ඒ අනුව තෝරාගත් සැපයුම්කරුට ටෙන්ඩරය ලබාදී ඇති බව සඳහන් කල හැකිය
ලංසු කාලය :
ලියාපදිංචි සැපයුම්කරුවන් අතරින් ලංසු කැඳවීමේ කාලය වෙනස් කිරිම සම්බන්ධව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ උපදෙස් ලබා ගෙන සිදුකර ඇත. මෙම ප්‍රසම්පාදනයට අදාලව මෙතෙක් වැඩිම ලංසුකරුවන් ප්‍රමාණය වු ලංසුකරුවන් 10 දෙනෙකුම ඉදිරිපත්වීමෙන් ලංසු කාලයේ දින ගනන වෙනස්වීමෙන් බලපෑමක් වී නැති බව පැහැදිලිය.
කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරිම හා කාර්ය සාධන බැඳුම්කරය තැබීම අතර කාලය
ප්‍රසම්පාදන ලේඛණවලට අදාලව කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරිමට පසු කාර්ය සාධන බැඳුම්කරය තැබිය යුතු කාලය අතර එම කටයුත්ත සිදුවී ඇති අතර එහි ප්‍රමාදයක් සිදුව නැත. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කල දින සිට දින 14 ක් තුළ සැපයුම්කරු කාර්ය සාධන ඇපකරය තබා ඇත.
ලක්විජය බලාගාරයේ රසායනාගාරය
ප්‍රසම්පාදනයට අදාල ගිවිසුමට අනුව පැටවුම්වරායේ තත්ව වාර්තාව සහ ගොඩබෑම් වරායේ තත්ව වාර්තාව අනුව ගල්අඟුරු සැපයුම් ක්‍රියාවලිය සහ ගෙවීම් ක්‍රියාවලිය සිදුවේ. ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාලව ලක්විජය බලාගාරයේ රසායනාගාර ප්‍රමිතිකරණය කල (Accredited) රසයනාගාරයක් නොවේ.
රසායනාගාර පරීක්ෂණ වාර්තා
* පැටවුම් වරායේ රසායනාගර වාර්තාව
පැටවුම් වරායේ රසායනාගර වාර්තා අනුව අදාල පටවන ගල්අඟුරු තොග ලක්විජය බලාගාරයේ අවශ්‍යතාවයට සරිලන ගිවිසුමේ සඳහන් උපමානයන්ගෙන් යුත් පරාසය තුළ පවතින්නේනම් පමණක් ගල්අඟුරු නැව් තොග ගෙන්වීමට අදාල පිලිගැනිම (Letter of Acceptance ) නිකුත් කර ගොඩබෑම් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ලබයි. දකුණු අප්‍රිකාවේ Richareds Bay Coal Terminal (RBCT) වරායේ (පැටවුම් වරායේ) ගල්අඟුරු සාමපල පරීක්ෂා කරන රසායනාගාරය තෝරාගැනීමට ගිවිසුම අනුව සැපයුම්කරු විසින් නම් 03ක් යෝජනා කරන අතර ඒවා අතරින් අදාල රටවල ශ්‍රී ලංකා තානාපති/මහකොමසාරිස් කාරියාලය මගින් එම රසායනාගාරය ප්‍රමිතිකරණය කල රසායනාගාරයක් (Accredited lab) බවට ලබාදෙන තහවුරුව අනුව තෝරාගෙන ඇත. එලෙස තෝරාගන්නා ලද පැටවුම්වරායේ තත්ව පරීක්ෂණ වාර්තා දෙනු ලබන්නේ Mithra SK ආයතනය විසිනි. මෙම විවාදිත ගල්අඟුරු තොගය ලක්විජය බලාගාරයේ අවශ්‍යතාවයට සරිලන ගිවිසුමේ සඳහන් උපමානයන්ගෙන් යුත් පරාසය තුළ පවතින බවට පැටවුම් වරායේ රසායනාගාර වාර්තාව මගින් තහවුරු කර ඇත.
ඒ අනුව ගල්අඟුරු තොගය සඳහා 80%ක ගෙවීම සිදුකල යතු වුවත් මේ දක්වා අදාල ගල්අඟුරු තොගයට ගෙවීම් කර නැත.
ගොඩබෑම් වරායේ තත්ව පරීක්ෂණ වාර්තාව:
ලක්විජය බලාගාරය වෙත ගෙන්වන ලද ගල්අඟුරු සඳහා අවසාන ගෙවීම කරනු ලබන්නේ ගොඩබෑම් වරායේ තත්ව පරීක්ෂණ වාර්තාව අනුවය. එම වාර්තාව නිකුත් කරනු ලබන්නේ ලක්විජය බලාගාරය මගින් තෝරාගන්නා ලද ප්‍රමිතිකරණ රසායනාගාරයක් (Accredited lab) මගිනි. මෙම වාර්තාව නිකුත් කරනු ලබන්නේ ගල්අඟුරු මෙ.ටො. 60,000 තොගයෙන්, මෙ.ටො. 5000න් 5000 ට අහඹු ලෙස ලබාගන්නා සාම්පල 12ක් මිශ්‍ර කිරිමෙන් ගනු ලබන අවසාන සාම්පලය මගිනි.එම වාර්තාව නිකුත් වීමට ගල් අඟුරු නැව් තොගය ගොඩබා අවසන් කර දින 10ක පමණ කාලයක් ගතවෙයි. එනම් 2026.01.16 දිනට පෙරයි.
එම වාර්තාව මෙතෙක් නිකුත්ව නොමැති නිසා ලක්විජය බලාගාරය වෙත ලැබුනු ගල්අඟුරු තොග වල ගුණාත්මය පිලිබඳ නිවැරදි අදහසක් පලකිරිමට නොහැකිය. ගිවිසුමට අනුව නියමිත පරාසයන් තුළ ගුණාත්මයේ ඉහල -පහල යාම් සම්බන්ධව ගිවිසුමට අනුව දඩ මුදල් අයකරන අතර , නියමිත පරාසයෙන් පිටත ගුණාත්මයේ නම් දෙගුණයක දඩමුදල් අයකිරිම් සිදුවේ.
රුපියල් කෝටී දාහක පාඩුවක් සිදුවීම
ගොඩබෑම් වරායේ රසායනාගාර වාර්තා නිකුත් නොවී ඇති තත්වය තුළ මෙම ගණනය කිරිම් මන:කල්පිත ගණනය කිරිම් වෙයි. තවද ගොඩබෑම් වරායේ රසායනාගාර වාර්තාවට අනුව මෙම ගල්අගුරු තොගය අදාල මන්ත්‍රීවරයා සඳහන් කරන ආකාරයට අවශ්‍ය ගුණාත්මයේ නොතිබුණත් දඩ මුදල් දෙගුණයකින් අයකරන නිසා ගිවිසුමට අනුව මුල්‍ය පාඩුවක් සිදු නොවෙයි.
කෙසේ වුවද නිල රසායනාගාර වාර්තාව 2026.01.16 ට පෙර ලැබෙනු ඇති අතර එහිදී මෙම ගල්අඟුරු සැපයුම්ට අදාල ගිවිසුම පරිදි කටයුතු කරනු ඇත. 





