The Leader News
BREAKING
Top Ad
පුවත්

'හයේ ඉංග්‍රීසි පොතේ වැරැද්ද ගැන විමර්ශනයක් කරනවා' - අගමැතිනිය

T

The Leader Desk

January 8, 2026 • 3:55 PM

'හයේ ඉංග්‍රීසි පොතේ වැරැද්ද ගැන විමර්ශනයක් කරනවා' - අගමැතිනිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආචාර්ය හරීනි අමරසූරිය, අස්ගිරි, මල්වතු මහා නාහිමිවරුන් හමුවේ අද පැවැසුවාය.
  • අගමැතිනිය මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා නායක හිමි පාණන් වහන්සේලා බැහැදකිමෙන් පසු මේ බව පැවසුවාය.
  • තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමි පාණන් වහන්සේලා දෙපල බැහැ දැක මේ බව පැවැසුවා අග්‍රාමාත්‍යවරිය මහනාහිමිවරුන් හමුවේ මෙසේ ද පැවැසුවාය.
  • නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණය අනුව 06 වන ශ්‍රේණිය සඳහා මේ වන විට ග්‍රන්ථ මුද්‍රණය කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරගෙන යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ආචාර්ය හරීනි අමරසූරිය, අස්ගිරි, මල්වතු මහා නාහිමිවරුන් හමුවේ අද පැවැසුවාය.

අගමැතිනිය මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා නායක හිමි පාණන් වහන්සේලා බැහැදකිමෙන් පසු මේ බව පැවසුවාය.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක  හිමි පාණන් වහන්සේලා දෙපල බැහැ දැක මේ බව පැවැසුවා  

අග්‍රාමාත්‍යවරිය මහනාහිමිවරුන් හමුවේ මෙසේ ද පැවැසුවාය.

නව තාක්ෂණය ඩිජිටල් ලෝකය සහ කෘතිම බුද්ධිය සමග බද්ධ වුණු අධ්‍යාපනික ප්‍රතිපත්තියක් කරා රට යොමු කිරීමට පියවර තිබෙනවා.

නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණය අනුව 06 වන ශ්‍රේණිය සඳහා මේ වන විට ග්‍රන්ථ මුද්‍රණය කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරගෙන යනවා. අධ්‍යපනික පද්ධතිය තුල දුර්වලතා මතුවන සෑම අවස්ථාවකදීම රජය මැදිහත් වනවා. එම අඩුලුහුඬුකම් වළක්වා ගත හැකි සෑම පියවරක්ම රජයක් වශයෙන් ගනු ලබනවා.

ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාව වර්ෂ 10 ක, පමණ කාලයකින් යාවත්කාලීන කරල නැහැ. නම්‍යශීලී ප්‍රතිපත්තියක සිට පවතින අඩුපාඩු නිවරැදි කොට වඩාත් විශ්වාශනීය අධ්‍යාපනයක් දූ දරුවන් වෙත ලබාදීමට පියවර ගන්නවා ,

නව රජයක් ලෙස පවතින දේශපාළන සමාජ තත්ත්වය වෙනස් කිරීම සඳහා වගකීම බාරගත් අයුරින්, බාධක මැද අධ්‍යාපනය විශ්වාශනීය තත්ත්වයක් කරා යොමු කිරීමට කටයුතු කරනවා.⁣  ''

පොත් මුද්‍රණය කිරීමේදී සිදුවූ ගැටළුව සම්බන්ධයෙන් අංශ කීපයක් ඔස්සේ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙන බවද අගමැතිවරිය පැවසුවාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ තුෂාරි ජයසිංහ, මහනුවර පුරපති චන්ද්‍රසිරි විජයනායක ඇතුලු කීප දෙනෙක් සහභාගි වූහ.

( lankadeepa | ජේ. ඒ. එල්. ජයසිංහ)

CVFHDFH

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...