රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (08 වැනිදා) පස්වරු 4.00 වන විටදී පොතුවිල් සිට කිලෝමීටර් 230ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබිණි.
එය නිරිත දිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන්කර අද (09 වැනිදා) හම්බන්තොට සහ කල්මුණේ අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (08 වැනිදා) පස්වරු 4.00 නිකුත් කරන ලද කාලගුණ අනාවැකියේ සඳහන්කර තිබිණි.
මෙම පද්ධතිය සුළි කුණාටුවක් බවට පත්වීමේ සම්භාවිතාව අඩු වුවද පද්ධතිය ගැඹුරු පීඩන අවපාතයක් ලෙස ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් අනිවාර්යයෙන්ම වර්ෂාපතනයේ සාපේක්ෂ වැඩිවීමක් සිදුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
මෙම පද්ධතියේ බලපෑම මත නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත්වල වර්ෂාපතනය වැඩිවන බවත් සමහර ස්ථානවලට මිලි මීටර් 150, 200 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත් කී ඔහු අනෙකුත් පළාත්වලට මිලි මීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් අද (09 වැනිදා) ඇතිවීමේ හැකියාවන් පවතින බවද සඳහන් කළේය.
බදුල්ලේ පාසල් අද කලින් වහයි
බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු අද (9) දින පෙරවරු 11ට අවසන් කරන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ඊයේ (8) පස්වරුවේ නිකුත් කර ඇති බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම් පිළිබදව විශේෂ අනතුරු ඇගවීමේ පණිවිඩයට අනුව මෙම තීරණය ගත් බව හෙතෙම කීය.
මේ අනුව මෙම අවධානම් තත්ත්වය හමුවේ පාසල් පැවත්වීම නුසුදුසු යැයි හැගෙන්නේනම් අදාල කලාප අධ්‍යක්ෂ වරුන් සමග සාකච්ඡා කර එවැනි පාසල් අද (9) දින නොපැවත්වීමට කටයුතු කරන ලෙසට ද විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවත් ඌවපලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න සදහන් කළේය.




