The Leader News
BREAKING
Top Ad
පුවත්

අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්නැයි දැනුම්දීමක්

T

The Leader Desk

January 10, 2026 • 4:18 AM

අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්නැයි දැනුම්දීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
  • මෙය ගම්පොළ නගරයට පිවිසෙන සියලුදෙනාට ඉතා අලංකාරවත් අයුරුදින් දිස්වෙන කඳු මුදුනක් වන අතර, එහි මේ වනවිට ඉදිකර ඇති අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය දෙස් විදෙස් ජනතාවගේ ආකර්ශනය දිනාගත් ස්ථානයකි.
  • ගම්පොළ, හෙම්මාතගම මාර්ගයේ ගමන් කළ විට කිලෝමීටර් 5ක් පමණ දුරකින් අම්බුළුවාවට පිවිසෙන ප්‍රධාන පිවිසුම් දොරටුව පිහිටා ඇති අතර, එතැන් සිට කිලෝමීටර් 2ක් පමණ කඳු මුදුනට ගමන් කිරීමෙන් අම්බුළුවාව විහාරයට ළඟාවිය හැකියි.
  • අම්බුළුවාව අක්කර 927ක භූමියකින් යුත් ශාක හා සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වන ඉහළ ජෛව විවිධත්වයක් ඇති සුන්දර පරිසර පද්ධතියකි.
අකුරු ප්‍රමාණය (Font Size):


අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර, පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකිරීමට ද ඉදිරියේ දී කටයුතු සිදුකරනු ලබන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අම්බුළුවාව යනු මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි, සංචාරය සඳහා යා හැකි සොදුරු ස්ථානයකි. මෙය ගම්පොළ නගරයට පිවිසෙන සියලුදෙනාට ඉතා අලංකාරවත් අයුරුදින් දිස්වෙන කඳු මුදුනක් වන අතර, එහි මේ වනවිට ඉදිකර ඇති අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය දෙස් විදෙස් ජනතාවගේ ආකර්ශනය දිනාගත් ස්ථානයකි.

ගම්පොළ, හෙම්මාතගම මාර්ගයේ ගමන් කළ විට කිලෝමීටර් 5ක් පමණ දුරකින් අම්බුළුවාවට පිවිසෙන ප්‍රධාන පිවිසුම් දොරටුව පිහිටා ඇති අතර, එතැන් සිට කිලෝමීටර් 2ක් පමණ කඳු මුදුනට ගමන් කිරීමෙන් අම්බුළුවාව විහාරයට ළඟාවිය හැකියි.

අම්බුළුවාව අක්කර 927ක භූමියකින් යුත් ශාක හා සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වන ඉහළ ජෛව විවිධත්වයක් ඇති සුන්දර පරිසර පද්ධතියකි.

කඳු මුදුනේ වී බිස්සක හැඩයෙන් යුතුව අම්බුළුවාව සෑය නිර්මාණය කර ඇති අතර, මෙය අඩි 400ක් පමණ උසකින් යුතු බව පැවසේ.

මෙම සෑය ඉහළට නැගීම අතිශය ත්‍රාසජනත අත්දැකීමක් වන අතර, ඊට දෙස් විදෙස් සංචාරකයින් බොහේ සෙයින් කැමැත්තක් දක්වයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය අම්බුළුවාව කේන්ද්‍ර කරගෙන ආරම්භ කිරීමට සැලසුම් කර තිබිණ. කෙසේවුවද මේ වනවිට ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වේ.


| adaderana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...