The Leader News
BREAKING
Top Ad
පුවත්

අගමැතිවරියට එරෙහි විශ්වාසභංගය කල් යයි ! - මහජන අත්සන් ගැනීම අද සිට

T

The Leader Desk

January 10, 2026 • 5:48 AM

අගමැතිවරියට එරෙහි විශ්වාසභංගය කල් යයි ! - මහජන අත්සන් ගැනීම අද සිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සඳහා හේතු කීපයක් බලපා ඇති අතර, ඉන් ප්‍රධාන එකක් වී ඇත්තේ අනෙකුත් අධ්‍යාපන මොඩියුලවලද විවිධ අර්බුද ඇති බවට විපක්ෂය වෙත තොරතුරු වාර්තා වී තිබීමය.
  • එම තොරතුරුද විශ්වාසභංගයට ඇතුළත් කිරීම සඳහා තවත් කාලයක් ලබාගැනීම සජබයේ සැලැස්ම වී තිබේ.
  • මීට අමතරව විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ පාර්ශ්ව සමග තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමද මේ සඳහා හේතුවී ඇති බව පැවසේ.
  • එමෙන්ම මේ අවස්ථාවේදී අගමැතිවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබාදුනහොත් එය විවාදයට ගැනීම සඳහා ඉක්මන් දිනයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවට වූ සැකයද මේ සඳහා බලපා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ සඳහා හේතු කීපයක් බලපා ඇති අතර, ඉන් ප්‍රධාන එකක් වී ඇත්තේ අනෙකුත් අධ්‍යාපන මොඩියුලවලද විවිධ අර්බුද ඇති බවට විපක්ෂය වෙත තොරතුරු වාර්තා වී තිබීමය.

එම තොරතුරුද විශ්වාසභංගයට ඇතුළත් කිරීම සඳහා තවත් කාලයක් ලබාගැනීම සජබයේ සැලැස්ම වී තිබේ.

මීට අමතරව විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ පාර්ශ්ව සමග තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමද මේ සඳහා හේතුවී ඇති බව පැවසේ.

එමෙන්ම මේ අවස්ථාවේදී අගමැතිවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබාදුනහොත් එය විවාදයට ගැනීම සඳහා ඉක්මන් දිනයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවට වූ සැකයද මේ සඳහා බලපා තිබේ.

ඒ අනුව තවදුරටත් කාලය ගෙන අගමැතිවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබාදීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.

විශ්වාසභංගයට මහජන අත්සන් ගැනීම අද සිට

මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුයේ, අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙනඑනු ලබන විශ්වාසභංග යෝජනාවට මහජන අත්සන් ලබාගැනීම අද (10) දිනයේදී ආරම්භ කරන බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා විරෝධය පෙන්නුම් කිරීමට මෙමගින් කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

''ඉදිරියේදී කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි නෑ''


දෙවැනි සහ තෙවැනි පාසල් වාරවලට අදාළ මොඩියුල පිළියෙල කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

සිකුරාදා (9) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය විසින් මේ තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව දැනට මේ මොඩියුල සඳහා ඇතුළත් කර ඇති රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බව අගමැතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

එසේම අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බළකාය විසින් මේ වන විට ඩිජිටල් භාවිතය පිළිබඳ ළමා ආරක්ෂණය පැතිකඩ මඟින් අධ්‍යයනයක් සිදු කර, ඒ සඳහා ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශයක් සකස් කර ඇති බවද සඳහන් කළ අගමැතිවරිය, එය ඉදිරියේදී ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද දැනුම් දුන්නාය.

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මඟින් එම ආයතනයට කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙන බවත්, ප්‍රාථමික ශ්‍රේණිවල සිටින ගුරුවරුන්ගෙන් 92%කට ආසන්න ප්‍රමාණයකට‌ මේ සඳහා අවශ්‍ය කරන පුහුණුව මේ වන විට ලබාදී ඇති බවත් මෙහිදී සඳහන් කළ අගමැතිවරිය, පසුගිය මාසවල පැවැති ආපදා තත්වය හේතුවෙන් සැලසුම් කළ පරිදි ඇතැම් පළාත්වල ගුරුවරුන්ට එම පුහුණු දීමට නොහැකි වූ බවත්, 1 සහ 6 ශ්‍රේණිවල පාසල් වාර ආරම්භ කිරීමට පෙර ඒ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් සඳහන් කළාය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...