The Leader News
BREAKING
Top Ad
පුවත්

ජන අරගලයෙන් රට පුරා විරෝධතා

T

The Leader Desk

January 11, 2026 • 5:24 AM

ජන අරගලයෙන් රට පුරා විරෝධතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ගෝඨා රනිල් හැදූ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත්තුව වහා නවතනු" යන මැයින් එම විරෝධතා ව්‍යාපාරය ක්‍රියාත්මක විය.
  • රජය ගෙන ඇති අධ්‍යාපන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් දිවයින පුරා ප්‍රධාන නගරවල සංවිධානය කරන මෙම විරෝධතා මාලාවේ පළමු විරෝධතාවය ලෙස ඊයේ මෙම විරෝධතා සංවිධානය කර තිබිණ.
  • ⁠ ⁠පාසල් වියදම් දෙමාපියන්ට තවත් පැටවීම නවතනු!
  • ⁠ ⁠පාසල් 3,000 වහන්නද බලය ගත්තේ?
අකුරු ප්‍රමාණය (Font Size):


"ගෝඨා රනිල් හැදූ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත්තුව වහා නවතනු" යන මැයින් එම විරෝධතා ව්‍යාපාරය ක්‍රියාත්මක විය.

රජය ගෙන ඇති අධ්‍යාපන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් දිවයින පුරා ප්‍රධාන නගරවල සංවිධානය කරන මෙම විරෝධතා මාලාවේ පළමු විරෝධතාවය ලෙස ඊයේ මෙම විරෝධතා සංවිධානය කර තිබිණ.

ප්‍රධාන සටන්පාඨ ...

1.ගෝඨා - රනිල් හැදු
ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත්තුව නවතනු!

2.අධ්‍යාපනයට කඩිකුලප්පු ප්‍රතිසංස්කරණයක් එපා!
 පුළුල් මහජන සංවාදයකට ඉඩ දෙනු!

මෙම උද්ඝෝෂණයේදී යන සටන්පාඨ භාවිතා කර තිබූ අතර පුවරු වල පහත සටන්පාඨ තිබිණි.

1.⁠ ⁠කඩිකුලප්පු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් එපා!

2.⁠ ⁠පාසල් වියදම් දෙමාපියන්ට තවත් පැටවීම නවතනු!

3.⁠ ⁠පාසල් 3,000 වහන්නද බලය ගත්තේ?

4.⁠ ⁠සමාජ මාධ්‍ය, ජංගම දුරකථන වලට දරුවන් ඇබ්බැහි කරවන්නද හදන්නේ?

5.⁠ ⁠රැකියා වෙළදපලට අනුව අධ්‍යාපන අරමුණු  කප්පාදු කිරීම නවතනු!


ඇතුළු විරෝධතා පාඨ සදහන් පුවරු අතැතිව විරෝධතා පාඨ කියමින් එම පිරිස උද්ඝෝෂණයේ නිරත වීය.

මෙම අවස්ථාවට ජන අරගල සංවිධානයේ විධායක සභික ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මහරගම උද්ඝෝෂණයේ ඡායාරූප කිහිපයක් මතු පළවේ.


str 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...