The Leader News
BREAKING
Top Ad
පුවත්

අගමැතිනියට මඩගහන 'වනචාරීන්' ගැන ඇමති ලාල්කාන්ත ගෙන් විශේෂ හෙළිදරව්වක් !

T

The Leader Desk

January 11, 2026 • 3:23 PM

අගමැතිනියට මඩගහන 'වනචාරීන්' ගැන ඇමති ලාල්කාන්ත ගෙන් විශේෂ හෙළිදරව්වක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තත්වයේ අය සිටින බව කෘෂිකර්ම, ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය ලාල්කාන්ත ප්‍රකාශ කරයි.
  • මේ වනවිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල අවුල් කිරීම සඳහා සංවිධානාත්මකව ගෙන පාදඩ ප්‍රචාරවලට එරෙහිව පුළුල් ජනමතයක් ගොඩ නැගෙමින් තිබෙන බවද ඇමතිවරයා කියා සිටියේය.
  • ඔහු පැවසුවේ අගමැතිනියටත් කුණුහරපයෙන් බනිමින් මුලිමනින්ම කුණුහරපයෙන් කතා කරන මේ වනචාරියා හිතාගෙන ඉන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් කුණුහපරයක් ලෙස බවය.
  • කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් සහභාගී වී සිටි මෙම අවස්ථාව අමතමින් අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේ, අද රටේ ප්‍රධාන මාතෘකාව වී ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සමගම ඊටත් වඩා කතා කරන්නේ අගමැතිනිය ගැනත් ඇයගේ පුද්ගලික රුචි අරුචිකම් සහ පුද්ගලික ජීවිතය ගැන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

තත්වයේ අය සිටින බව කෘෂිකර්ම, ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත විසින් එවැනි ප්‍රචාරවලට මූලික වී සිටින්නන්ගේ මනෝභාවය පිළිබඳව විග්‍රහයක් කරනු ලැබුවේ,  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරියගේ ප්‍රධානත්වයෙන්, කුරුණෑගල Asliya Golden Cassandra හෝටල් පරිශ්‍රයේදී  පැවැත්වුන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය ආදි ශිෂ්‍ය මහා සංගමයේ (SAPSA) වාර්ෂික සම්මේලනය අමතමිනි.

මේ වනවිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල අවුල් කිරීම සඳහා සංවිධානාත්මකව ගෙන පාදඩ ප්‍රචාරවලට එරෙහිව පුළුල් ජනමතයක් ගොඩ නැගෙමින් තිබෙන බවද ඇමතිවරයා කියා සිටියේය.


මිහින්තලේ ඉන්නා වනචාරියාගේ අධ්‍යාපනයේ තරම ඔහුගේ කතාවෙන් සහ හැසිරීමෙන් පැහැදිලි කර ගත හැකි යයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත කියා සිටියි.

 

ඔහු පැවසුවේ අගමැතිනියටත් කුණුහරපයෙන් බනිමින් මුලිමනින්ම කුණුහරපයෙන් කතා කරන මේ වනචාරියා හිතාගෙන ඉන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් කුණුහපරයක් ලෙස බවය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් සහභාගී වී සිටි මෙම අවස්ථාව අමතමින් අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේ, අද රටේ ප්‍රධාන මාතෘකාව වී ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සමගම ඊටත් වඩා කතා කරන්නේ අගමැතිනිය ගැනත් ඇයගේ පුද්ගලික රුචි අරුචිකම් සහ පුද්ගලික ජීවිතය ගැන බවය.

විධායක ජනාධිපතිවරයෙක් යටතේ මේ තරම් සක්‍රීය වූ අගමැතිවරියක හෝ අගමැතිවරයෙක් ඉතිහාසයේ නොවූ බව සඳහන් කළ ඇමතිවරයා, ඇයව වැඩිපුරම විවේචනය කරනු ලබන්නේ ආගමික සංස්ථාවල බහුලව ඉන්නා පිරිමි පාර්ශවය බවත්, ඒ කතාවල ඇති ලිංගික කුහකත්වය, සහ ජීවිතවල ඇරියස් එක පැහැදිලව පෙනෙන බවත්  ප්‍රකාශ කළේය.


“අපේ ආගමික සංස්ථාවල වැඩිපුරම ඉන්නේ පිරිමි අය. මෙතන කාන්තාවක් පිළිබඳ කුහකත්වයකුත් තියනවා. ලිංගික කුහකත්වයකුත් තියනවා. ඇරියක් තියන කට්ටිය. සාමාන්‍යයෙන් පොරොන්දු වෙලා සමහර විෂයන් අපේ ජීවිතවලට ගාවගන්නේ නෑ කියලා පැත්තකට වෙලා ඉන්න කට්ටියක් ඉන්නවනේ. අපි දිවුරුම් දීලා පොරොන්දු වෙලා ඉන්නේ මේ මේ විෂයන් එක්ක අපේ සම්බන්ධයක් නෑ. අපි ඒවා තෘප්තිමත් කරන්නේ නෑ. කියලා. ඒ හාදයොම තමයි මේක කතා කරන්නේ.”


“අගමැතිනිය ගැන වැඩිපුරම කතා කරන්නේ ආගමික නායකයින්.  අගමැතිනියගේ හැසිරිම් රටාවල් කැමති දේවල් අකමැති දේවල් ගැන. ඒ අය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගැන නෙමෙයි කතා කරන්නේ.”

“හැබැයි අධ්‍යාපනයේ විධිය තත්ත්වය සමාජයෙන් තේරුම් ගන්න පුලුවන් කියලා කියමනක් තියනවා. සමාජය දිහා බැලුවම අපේ අධ්‍යාපනය ගැන කියවා ගන්න පුලුවන් කියලා මතයක් තියනවා.”

“අපේ අධ්‍යාපන පරිවර්තනය ගැන කතා කරන විරෝධතා දක්වන අගමැතිනිය ගැන කතා කරන ඒ අය දිහා බැලුවමත් ඒ අයගේ අධ්‍යාපන මට්ටම ගැන හොඳින් පේනවා. “

පහත දැක්වෙන්නේ ඇමති ලාල් කාන්ත කළ කතාවෙන් කොටසකි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...