The Leader News
BREAKING
Top Ad
පුවත්

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

T

The Leader Desk

January 11, 2026 • 3:30 PM

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රියාකාරකම් පවරන ආකාරය සඳහන් මූලික පැවරුම් සැලැස්ම නීතිපති නිරීක්ෂණ සහ මුදල් අමාත්‍යවරයාගේ හා මහා භාණ්ඩාගාරයේ උපදේශනයට යටත්ව පිළියෙළ කිරීම මේ වනවිට විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශය විසින් සිදු කර අවසන් බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ පවසයි.
  • ඒ අනුව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ලංවිම අහෝසීවන නියමිත දිනය විදුලිබල විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීම සිදුකළ යුතු බව ඔහු කියා සිටියි.
  • '' විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශයට වසර 2 ක් තුළ කළ යුතු කාර්‍යයන් විදුලිබල පනතෙන් පැවරිලා තිබෙනවා.
  • ජූනි 27 සිට 2026 ජූනි 26 දක්වා.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රියාකාරකම් පවරන ආකාරය සඳහන් මූලික පැවරුම් සැලැස්ම නීතිපති නිරීක්ෂණ සහ මුදල් අමාත්‍යවරයාගේ හා මහා භාණ්ඩාගාරයේ උපදේශනයට යටත්ව පිළියෙළ කිරීම මේ වනවිට විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශය විසින් සිදු කර අවසන් බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ පවසයි.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව  ලංවිම අහෝසීවන නියමිත දිනය විදුලිබල විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීම සිදුකළ යුතු බව ඔහු කියා සිටියි.

අධ්‍යක්ෂ ජෙනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ තවදුරටත් මෙසේ පැවසිය.

'' විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශයට වසර 2 ක් තුළ කළ යුතු කාර්‍යයන් විදුලිබල පනතෙන් පැවරිලා තිබෙනවා. 2024 ජූනි 27 සිට 2026 ජූනි 26 දක්වා...

එය කොටස් දෙකකින් සමන්විතයි. මූලික පැවරුම සහ අවසන් පැවරුම…

මූලික පැවරුමේ කටයුතු, ඒ කියන්නේ, ලංවිම වෙනුවට එන අනුප්‍රාප්තික සමගම් 6 පිහිටුවීම, ඒ සඳහා වත්කම්, වගකීම්, රාජකාරි, කාර්‍ය හා ක්‍රියාකාරකම් පවරන ආකාරය සඳහන් මූලික පැවරුම් සැලැස්ම නීතිපති නිරීක්ෂණ සහ මුදල් අමාත්‍යවරයාගේ හා මහා භාණ්ඩාගාරයේ උපදේශනයට යටත්ව පිළියෙළ කිරීම මේ වනවිට විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශය විසින් සිදු කර අවසන්…

මමත්, ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ සභාපති කෝසල කඹුරාදෙණිය සහ අචාර්‍ය ඉන්ද්‍ර මහකලන්ද විසින් විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශය තුළ ඉඳන්, එහි සමාජිකයන් ලෙසින් මාස 15 ක් පමණ පූර්ණ ස්වේච්ඡාවෙන් ඉටු කළ හැකි කාර්‍යය මේ වනවිට අවසන් වී තිබෙනවා…

මීළඟට තියෙන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතුව ලංවිම අහෝසීවන නියමිත දිනය විදුලිබල විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමයි… ඊට පෙර ලංවිම අධ්‍යක්ෂ මණඩලය විසින් වත්කම් හා වගකීම් නව සමාගම් වෙත පැවරීම අවසන් කරගන්න අවශ්‍යයි. ඒ වාගේම ලංවිම අහෝසි වන දින සිට නව සමගම් විසින් මේ සේවාව සහ ව්‍යාපාරය  භාරගන්න අවශ්‍යයි…''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක් | The Leader