The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමති සමග ගැටුමක් ! විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වේ

T

The Leader Desk

January 12, 2026 • 6:34 AM

ඇමති සමග ගැටුමක් ! විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමා වෙත පැවරී තිබු රාජකාරි කටයුතු නිමාවී ඇති බැවින් ජනවාරි 15 දින සිට එසේ ඉල්ලා අස්වන බව ඔහු විෂය බාර අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබේ.
  • ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබියදීත් ඔහු ගත් මෙම තීරණය පිටුපස බලශක්ති අමාත්‍යවරයාගේ සහ වත්මන් පාලනාධිකාරියේ සැකකටයුතු හැසිරීම් පවතින බව ද අනාවරණය වේ.
  • පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ ඉල්ලා අස්වීමේ ලිපියට අනුව, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඔහුට පැවරුණු තාක්ෂණික හා සැලසුම් සහගත කොටස (ලංවිම වෙනුවට එන අනුප්‍රාප්තික සමාගම් 6 පිහිටුවීම සහ වත්කම් පැවරීමේ සැලසුම්) ඔහු අවසන් කර ඇත.
  • දැන් ඉතිරිව ඇත්තේ අමාත්‍යවරයා විසින් “නියමිත දිනය” (Appointed Date) ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):


තමා වෙත පැවරී තිබු රාජකාරි කටයුතු නිමාවී ඇති බැවින් ජනවාරි 15 දින සිට එසේ ඉල්ලා අස්වන බව ඔහු විෂය බාර අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ස්වාධීන සමාගම් කිහිපයක් ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළ තීරණාත්මක කඩඉමකට පැමිණ තිබියදී, එහි නියමුවා ලෙස කටයුතු කළ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ල සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, විෂය බාර ඇමතිවරයා සමග පවතින අභ්‍යන්තර ගැටුමක ප්‍රතිපලයක් බව අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබියදීත් ඔහු ගත් මෙම තීරණය පිටුපස බලශක්ති අමාත්‍යවරයාගේ සහ වත්මන් පාලනාධිකාරියේ සැකකටයුතු හැසිරීම් පවතින බව ද අනාවරණය වේ.


අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වූයේ ඇයි?

පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ ඉල්ලා අස්වීමේ ලිපියට අනුව, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඔහුට පැවරුණු තාක්ෂණික හා සැලසුම් සහගත කොටස (ලංවිම වෙනුවට එන අනුප්‍රාප්තික සමාගම් 6 පිහිටුවීම සහ වත්කම් පැවරීමේ සැලසුම්) ඔහු අවසන් කර ඇත. දැන් ඉතිරිව ඇත්තේ අමාත්‍යවරයා විසින් “නියමිත දිනය” (Appointed Date) ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම පමණි.

නමුත් අමාත්‍යවරයා එම ගැසට් නිවේදනය නිකුත් කිරීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවට චෝදනා එල්ල වේ. මෙම ප්‍රමාදය නිසා සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම අඩපණ වී ඇති අතර, අධ්‍යක්ෂ ජනරාල්වරයාට තවදුරටත් එම ධුරයේ රැඳී සිටීම ඵලක් නොමැති තත්ත්වයක් උදා වී ඇත.

සබැඳි පුවත් :

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...