The Leader News
BREAKING
Top Ad
පුවත්

විමල්ගේ සත්‍යග්‍රහයට අධිකරණයෙන් කොන්දේසි

T

The Leader Desk

January 12, 2026 • 11:27 AM

විමල්ගේ සත්‍යග්‍රහයට අධිකරණයෙන් කොන්දේසි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවද විභාග කටයුතු සදහා සිදු කරන ප්‍රවාහන සහ සැපයුම් කටයුතු සදහා කිසිදු බාධාවක් හෝ ප්‍රවේශ මාර්ග අවහිරයන් සිදු නොකළ යුතු බවත් උද්ඝෝෂණයෙහි දැඩි ශබ්ද විභාග කටයුතුවලට බලපෑමක් සිදු නොවිය යුතු බවත් අවට සිටින ජනතාවට පීඩාවක් සිදු නොවිය යුතු බවටත් එම නියෝග කොන්දේසිවල දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ අනුව අදාල සත්‍යග්‍රහය සෑම ආකාරයකින්ම නීතිය අපේක්ෂා කරන සාමකාමී එකක් විය යුතු බවත් පැලවත්ත - පන්නිපිටිය මාර්ගය භාවිතා කරන මහජනයාට පදිකයින්ට කිසිදු අවහිරයක් නොවිය යුතු බවත් එසේම, උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට, පරිපාලන කටයුතුවල නිරත ගුරුවරුන්ට සහ පිරිස්වලට අවහිරයක් නොවිය යුතු බවත් යන කොන්දේසිවලට යටත්ව සිදු කළ යුතුය.  

 

තවද විභාග කටයුතු සදහා සිදු කරන ප්‍රවාහන සහ සැපයුම් කටයුතු සදහා කිසිදු බාධාවක් හෝ ප්‍රවේශ මාර්ග අවහිරයන් සිදු නොකළ යුතු බවත් උද්ඝෝෂණයෙහි දැඩි ශබ්ද විභාග කටයුතුවලට බලපෑමක් සිදු නොවිය යුතු බවත් අවට සිටින ජනතාවට පීඩාවක් සිදු නොවිය යුතු බවටත් එම නියෝග කොන්දේසිවල දැක්වේ.

 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද උදැසන මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...