The Leader News
BREAKING
Top Ad
පුවත්

නීතිඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වුනේ ඇයි ?

T

The Leader Desk

January 12, 2026 • 5:58 PM

නීතිඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වුනේ ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය දෙසැම්බර් 30 වැනිදා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට යැවූ බව ඔහු සඳහන් කළේය.
  • මේ සම්බන්ධයෙන් අප කරන ලද විමසීමකට පිළිතුරු දුන් ජගත් ලියනාරච්චි ප්‍රකාශ කළේ, පෞද්ගලික හේතුවක් මත තමා ඉල්ලා අස්වූ බවයි.
  • තමා වසර 5ක කාලයකට මෙම තනතුරට පත්වූ බවත් වසර හතරයි මාසයක කාලයක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ බවත් මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා තමාට සේවය කිරීමට හැකිව තිබුණද පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ජගත් ලියනාරච්චි පැවසිය.
  • නීතිඥ ජගත් ලියනාරච්චි ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන 'කලම්බෝ ටෙලිග්‍රාෆ් ' කර්තෘ Uvindu Kurukulasuriya සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය දෙසැම්බර් 30 වැනිදා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට යැවූ බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප කරන ලද විමසීමකට පිළිතුරු දුන් ජගත් ලියනාරච්චි ප්‍රකාශ කළේ, පෞද්ගලික හේතුවක් මත තමා ඉල්ලා අස්වූ බවයි.

තමා වසර 5ක කාලයකට මෙම තනතුරට පත්වූ බවත් වසර හතරයි මාසයක කාලයක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ බවත් මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා තමාට සේවය කිරීමට හැකිව තිබුණද පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ජගත් ලියනාරච්චි පැවසිය.

තොරතුරු ලබාගැනීමේ පනතට අදාලව යම්කිසි ආයතනයකින් තොරතුරු ලබා නොදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවටයි.

vdssdf
නීතිඥ ජගත් ලියනාරච්චි ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන 'කලම්බෝ ටෙලිග්‍රාෆ් ' කර්තෘ Uvindu Kurukulasuriya සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.


ජගත් තොරතුරු දැනගැනීමේ කොමිසමේ කොමසාරිස්ධූරයෙන් ඉවත් වූයේ දේශපාලන හේතුවක් නිසා වෙනි!

ජගත් [ Jagath Liyana Arachchi] ගොඩක් කැපකිරීමක් කරමින් කොමිසමේ සේවය කළේය. එහෙත් ඒ ලැබෙන රුපියල් 90,000න් ජීවිතය ගෙනයාමට නොහැකි තත්ත්වයටම ඔහු පත්ව ඇත. දරුවන් ලොකුවන විට ඇතිවන වියදම් දරා ගැනීමට ජගත්ට ඒ දීමනාවෙන් කළ නොහැකි වැඩකි. නීතීඥයෙකු වන ජගත්ට දවසෙන් දෙකෙන් 90,000ක් සොයා ගත හැක.

ජගත් දෙවෙනි වන්නේ තොරතුරු දැනගැනීමේ කොමිසම පටන් ගත් දා සිට එහි කොමසාරිස්වරියක ලෙස සේවය කරන ක්‍රිෂාලි පින්තෝ-ජයවර්ධනට පමණි. ඇයට තොරතුරු දැනගැනීමේ පණත ගැන හසල දැනුමක් ඇත. ඒ වගේම ස්වාධීනත්වය ගැන, ස්වාධීනව තීරණ ගැනීම ගැන කෙළ පැමිණියෙකි. ජ්‍යෙෂ්ඨ නීතීඥවරියක වන ඇයද මහත් කැප කිරීමෙන් මේ සොච්චම් මුදලට සේවය ලබා දෙමින් සිටින්නීය.


මෙහි ඇති දේශපාලන කරුණ නම්, මේ ආණ්ඩුව යටතේවත් තොරතුරු දැනගැනීමේ කොමිසමට නීතීයෙන් ලබා දිය යුතු පහසුකම් ලබා නොදීමය. අවුරුදු 10ක් කොමිසමට ගතවී තිබුණද ලබා දිය යුතු මානව සම්පත්, මුල්‍යමය සම්පත් එයට ලබා නොදීමය. එයට හේතුව නම්, කොමිසම ස්වාභාවික මරණයකට ක්‍රමක්‍රමයෙන් ගොදුරු කර, එය රාජ්‍ය ග්‍රහණයට ගැනීමට බලයේ සිටින අයට ඇති ආශාවය. ජගත් ඉල්ලා අස්වූයේ දේශපාලන හේතුවක් නිසා යැයි මා කියන්නේ එනිසාය.


මේ ආණ්ඩුව සමග මගේ පළවෙනි ගැටුම පටන් ගත්තේත් තොරතුරු දැනගැනීම අවහිර කිරීමට ආණ්ඩුව දරන උත්සාහය නිසාය. මම ඒවා එළිපිට ලියන්නට ගත්තේ පසුවය. ඒ වැඩේ නොකරන නිසාය.

ජගත් වැනි දක්‍ෂයින් ඉල්ලා අස්වෙමින් සිටී. ක්‍රිෂාලිත් ඉල්ලා අස්වුවහොත්, ඔය කොමිසම ගැන මහජනයාට බලාපොරොත්තු තබාගත නොහැකිවනු ඇත.

ජගත් යනු මම පාසැල් කාලයේ සිට දන්නා "සුපිළිපන්බවෙන්" අග තැන්පත් මිතුරෙකි. එවැනි අය කොමිසමේ රඳවාගැනීමට නොහැකි වීම රටේ අභාග්‍යයකි.


සබැඳි සටහනක් :

ජගත්ගේ ඉල්ලා අස්වීම.... | Karu Paranawithana


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...