The Leader News
BREAKING
Top Ad
පුවත්

කාන්තාවක් නිරුවත්කර ෆේස්බුක් වීඩියෝ දැමු ව්‍යාපාරිකයා නිදැල්ලේ !

T

The Leader Desk

January 12, 2026 • 6:23 PM

කාන්තාවක් නිරුවත්කර ෆේස්බුක් වීඩියෝ දැමු ව්‍යාපාරිකයා නිදැල්ලේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිය මගහැර රටින් පලායාමට සූදානම් වන බව වාර්තා වේ.
  • සිද්ධිය සිදුවී දින කිහිපයක් ගතවී ඇතත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය දක්වන මන්දගාමී ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.
  • මෙම සිදුවීමේ ඇති භයානකම තත්ත්වය වන්නේ අදාළ වීඩියෝව මගින් අතවරයට පත් වූ බව පෙනෙන, ‘මෑන් පවර්’ ආයතනයක් හරහා සේවයට යොදවා සිටි උපස්ථායිකාව මේ වන විට අතුරුදන්ව සිටීමයි.
  • ලැබෙන තොරතුරු අනුව, අදාළ මෑන්පවර් ආයතනයේ හිමිකාරිය පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇති නමුත්, ප්‍රධාන සැකකරු මෙතෙක් පොලිසියට ඉදිරිපත් වී නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිය මගහැර රටින් පලායාමට සූදානම් වන බව වාර්තා වේ.

එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බලවත් විරෝධයක් එල්ලවී තිබේ.

සිද්ධිය සිදුවී දින කිහිපයක් ගතවී ඇතත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය දක්වන මන්දගාමී ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.

වින්දිත කාන්තාව අතුරුදන් !

මෙම සිදුවීමේ ඇති භයානකම තත්ත්වය වන්නේ අදාළ වීඩියෝව මගින් අතවරයට පත් වූ බව පෙනෙන, ‘මෑන් පවර්’ ආයතනයක් හරහා සේවයට යොදවා සිටි උපස්ථායිකාව මේ වන විට අතුරුදන්ව සිටීමයි.

ලැබෙන තොරතුරු අනුව, අදාළ මෑන්පවර් ආයතනයේ හිමිකාරිය පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇති නමුත්, ප්‍රධාන සැකකරු මෙතෙක් පොලිසියට ඉදිරිපත් වී නොමැත.

වින්දිත කාන්තාව අතුරුදන්ව සිටීම ඇයගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව බරපතළ සැකයක් මතු කරන අතර, සාක්ෂි වසන් කිරීමේ උත්සාහයක් ද යන්න පිළිබඳව විමර්ශන සිදුවිය යුතු බව ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.

පැමිණිල්ලක් නැතැයි කීම නීතිය හෑල්ලු කිරීමකි

වින්දිත කාන්තාව විසින් මෙතෙක් නිල පැමිණිල්ලක් කර නොමැති බව පවසමින් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් උදාසීන පිළිවෙතක් අනුගමනය කරන බවට චෝදනා එල්ල වේ.

නමුදු ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව, සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙවැනි අතිශය සාහසික වීඩියෝ දර්ශනයක් පදනම් කරගෙන (Suo Moto) විමර්ශන ආරම්භ කිරීමට පොලිසියට පූර්ණ බලය ඇත.

කාන්තාවකගේ මානුෂීය ගරුත්වය කෙලෙසමින්, ඇයව බලහත්කාරයෙන් නිරුවත් කර එම දර්ශන WhatsApp හරහා බෙදාහැරීම වැනි අපරාධයක් හමුවේ තාක්ෂණික කරුණු මත යැපෙමින් කාලය මැරීම සැකකරුට රටින් පැන යාමට අවස්ථාව සලසා දීමක් බව සිවිල් සංවිධාන පෙන්වා දෙයි.

 

whatsapp 202507155

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...