The Leader News
BREAKING
Top Ad
පුවත්

ජාත්‍යන්තර කීර්තියට පත් මාධ්‍යවේදි ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වේ

T

The Leader Desk

January 13, 2026 • 3:59 AM

ජාත්‍යන්තර කීර්තියට පත් මාධ්‍යවේදි ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 81 වැනි වියේ පසුවිය.
  • ඒ මහතාගේ දේහය, අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරණ ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තිබේ.
  • ඉක්බාල් අතාස් මහතා සන්ඩේ ටයිම්ස් හි ආරක්ෂක තීරු ලිපි රචකයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර ඔහු ජේන්ස් ඩිෆෙන්ස් වීක්ලි, සීඑන්එන් සහ ටයිම්ස් ඔෆ් ලන්ඩන් වෙත ද ලිපි සම්පාදනය කළේය.
  • ඔහු සිය කාර්යය සඳහා ජාත්‍යන්තර පුවත්පත් සම්මාන කිහිපයක් දිනා ඇති අතර 2000 දී නිව්යෝර්ක් ටයිම්ස් ඔහුව විස්තර කළේ "රටේ ප්‍රමුඛ හමුදා වාර්තාකරු" ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 81 වැනි වියේ පසුවිය.

අවසන් කටයුතු අද පස්වරුවේ දෙහිවල පිහිටි මුස්ලිම් මහ පල්ලිය සුසාන භුමියේ දී සිදු කෙරේ.

ඒ මහතාගේ දේහය, අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරණ ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තිබේ.

ඉක්බාල් අතාස් මහතා  සන්ඩේ ටයිම්ස් හි ආරක්ෂක තීරු ලිපි රචකයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර ඔහු ජේන්ස් ඩිෆෙන්ස් වීක්ලි, සීඑන්එන් සහ ටයිම්ස් ඔෆ් ලන්ඩන් වෙත ද ලිපි සම්පාදනය කළේය.

ශ්‍රී ලංකා ආරක්ෂක භටයින්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ආයුධ මිලදී ගැනීමේ අපකීර්තිය අනාවරණය කරගත් ඔහුගේ ගවේෂණාත්මක වාර්තාකරණය හේතුවෙන් ඔහුට ජිවිත තර්ජන පවා එල්ල විය.

ඔහු සිය කාර්යය සඳහා ජාත්‍යන්තර පුවත්පත් සම්මාන කිහිපයක් දිනා ඇති අතර 2000 දී නිව්යෝර්ක් ටයිම්ස් ඔහුව විස්තර කළේ "රටේ ප්‍රමුඛ හමුදා වාර්තාකරු" ලෙසය. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...