The Leader News
BREAKING
Top Ad
පුවත්

ෆෙඩරල් වෙන්න ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස ස්ටාලින් මෝදිගෙන් ඉල්ලයි

T

The Leader Desk

January 13, 2026 • 4:47 AM

ෆෙඩරල් වෙන්න ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස ස්ටාලින් මෝදිගෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "විශේෂයෙන්ම, පළාත්වලට බලය බෙදා හැරීම හා සුළුතර ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තහවුරු කරන මෙන්ම බහුත්වවාදයේ සහ සමානාත්මතාවයේ මූලධර්ම ආරක්ෂා කරන ෆෙඩරල් විධිවිධාන ඇතුළත් කිරීම සඳහා ඉන්දියාව බලපෑම් කළ යුතුය," යි එම්.කේ.
  • "පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරයක් හිමි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ වත්මන් රජය, වාර්ගික ගැටලු විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේ වේගවත් උත්සාහයක යෙදී සිටී.
  • තමිල්නාඩු නායකයා විසින් ඉන්දීය අගමැතිවරයාට මෙම හදිසි ලිපිය යොමු කළ බව TNPF නායකත්වය සමඟ චෙන්නායිහිදී පැවති සාකච්ඡාව අතරතුර ගත් ඡායාරූපයක්ද සමඟින්, සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.
  • ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් 1985 දී භූතානයේ පැවති සාම සාකච්ඡා වලදී දෙමළ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද තිම්පු මූලධර්මවලට ගරු කිරීමේ අවශ්‍යතාවය මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙමළ නියෝජිත පිරිස අවධාරණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


"විශේෂයෙන්ම, පළාත්වලට බලය බෙදා හැරීම හා සුළුතර ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තහවුරු කරන මෙන්ම බහුත්වවාදයේ සහ සමානාත්මතාවයේ මූලධර්ම ආරක්ෂා කරන ෆෙඩරල් විධිවිධාන ඇතුළත් කිරීම සඳහා ඉන්දියාව බලපෑම් කළ යුතුය," යි එම්.කේ. ස්ටාලින් මහ ඇමතිවරයා නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට ලිඛිතව දන්වා තිබේ.

 

ශ්‍රී ලංකාව ‘කඩිනමින් ගෙන ඒමට උත්සාහ දරණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’ පවතින ඒකීය රාජ්‍යය තහවුරු කිරීමට හේතු වන බවට පාර්ලිමේන්තු මංත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) හා දෙමළ මහජන සභාවේ (TPC) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් තමිල්නාඩු නායකයාට සවිස්තරාත්මකව පෙන්වා දුන් සාකච්ඡාවකින් සති කිහිපයකට පසුව මෙම ලිපිය යොමු කර තිබේ.

 

"පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරයක් හිමි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ වත්මන් රජය, වාර්ගික ගැටලු විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේ වේගවත් උත්සාහයක යෙදී සිටී. කෙසේ වෙතත්, මෙම යෝජිත රාමුව නැවතත් ඒකීය රාජ්‍ය ආකෘතිය ශක්තිමත් කරන බව පෙනෙන්නට තිබෙන අතර, එය දේශපාලනමය ස්වපාලනයක් සඳහා දෙමළ ජනතාව තුළ ඇති නීත්‍යානුකූල අභිලාෂයන් නොසලකා හරිමින් ඔවුන්ව තවදුරටත් කොන් කරනු ලැබීමේ තර්ජනයකට ලක් කරයි," යැයි ප්‍රධාන අමාත්‍යවරයා සිය අගමැතිවරයාට පවසා තිබේ.

තමිල්නාඩු නායකයා විසින් ඉන්දීය අගමැතිවරයාට මෙම හදිසි ලිපිය යොමු කළ බව TNPF නායකත්වය සමඟ චෙන්නායිහිදී පැවති සාකච්ඡාව අතරතුර ගත් ඡායාරූපයක්ද සමඟින්, සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.

 

ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් 1985 දී භූතානයේ පැවති සාම සාකච්ඡා වලදී දෙමළ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද තිම්පු මූලධර්මවලට ගරු කිරීමේ අවශ්‍යතාවය මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙමළ නියෝජිත පිරිස අවධාරණය කර තිබේ.

 

මෙම මූලධර්ම මගින් පහත කරුණු අවධාරණය කරන බව ප්‍රධාන අමාත්‍ය ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සිය ලිපිය මගින් සිහිපත් කර දෙයි:

 • ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනම ජාතියක් ලෙස පිළිගැනීම;

 • උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික නිජබිම ලෙස පිළිගැනීම;

 • දෙමළ ජාතිය සඳහා ස්වයං නිර්ණ අයිතිය තහවුරු කිරීම; සහ

• කඳුකර දෙමළ ජනතාවට පූර්ණ පුරවැසි අයිතිවාසිකම් ඇතුළුව සියලුම පුරවැසියන් සඳහා සමානාත්මතාවය සහ වෙනස්කමකට ලක් නොකිරීම සහතික කරන ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම.

"මෙම කරුණු ඇතුළත් නොකර ගෙන එන ඕනෑම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් අයුක්තියේ සහ අස්ථාවරත්වයේ චක්‍රය දිගින් දිගටම පවත්වාගෙන යාමේ අවදානමක් ඇති කරන අතර, එය නව ගැටුම් සහ මානුෂීය අර්බුදවලට තුඩු දිය හැකියි," යනුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එම්කේ ස්ටාලින් වැඩිදුරටත් අනතුරු අඟවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෆෙඩරල් වෙන්න ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස ස්ටාලින් මෝදිගෙන් ඉල්ලයි | The Leader