The Leader News
BREAKING
Top Ad
පුවත්

ධූරයෙන් නික්ම යන ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් ජනපති හමු වෙයි

T

The Leader Desk

January 13, 2026 • 12:04 PM

ධූරයෙන් නික්ම යන ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් ජනපති හමු වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජූලි චන්ග් සිය සිව් වසරක ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය.
  • එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ඇය ඉටු කළ කාර්යභාරය වෙනුවෙන්ද මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත් වූ සාකච්ඡාවලදී ඇය ලබා දුන් සුවිශේෂී සහාය ඇගයීමට ලක් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජූලි චන්ග් සිය සිව් වසරක ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ඇය ඉටු කළ කාර්යභාරය වෙනුවෙන්ද මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත් වූ සාකච්ඡාවලදී ඇය ලබා දුන් සුවිශේෂී සහාය ඇගයීමට ලක් කළාය.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය ඉකුත් වසර අග දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ධුරකාලය ජනවාරි මාසයෙන් අවසන් වන බවට නිල දැනුම්දීමක් සිදු කර තිබූ අතර එලෙස නැවත කැඳවනු ලැබූ තානාපතිවරුන් අතර මෙරට තානාපති ජුලී චංග් ද වන බව වාර්තා විය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...