The Leader News
BREAKING
Top Ad
පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන සතියේ මෙරටට

T

The Leader Desk

January 13, 2026 • 3:39 PM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන සතියේ මෙරටට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම අරමුදල විසින් මෙරටට ලබාදී තිබෙන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තම නියෝජිතයින් එක්වන බව අරමුදල කියා සිටී.
  • ඉකුත් වසරේ නොවැම්බර් 28 වනදා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අරමුදල සමග සාකච්ඡා නියමිත පරිදි පැවැත්වීම මදකට කල් දැමිණි.
  • ඒ අනුව එම කල් දැමූ සාකච්ඡාව ලබන සතියේ ආරම්භ කිරීමේ අරමුණින් තම නියෝජිතයින් මෙරටට පැමිණෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
  • පස්වන සමාලෝචනය මේ වනවිට අවසන් වී ඇති අතර ඊට අනුමැතිය ලබාදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය පසුගිය මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම අරමුදල විසින් මෙරටට ලබාදී තිබෙන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තම නියෝජිතයින් එක්වන බව අරමුදල කියා සිටී.

ඉකුත් වසරේ නොවැම්බර් 28 වනදා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අරමුදල සමග සාකච්ඡා නියමිත පරිදි පැවැත්වීම මදකට කල් දැමිණි.

ඒ අනුව එම කල් දැමූ සාකච්ඡාව ලබන සතියේ ආරම්භ කිරීමේ අරමුණින් තම නියෝජිතයින් මෙරටට පැමිණෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

පස්වන සමාලෝචනය මේ වනවිට අවසන් වී ඇති අතර ඊට අනුමැතිය ලබාදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය පසුගිය මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණි.

 එය පසුව කල්දමනු ලැබුවේ ආපදා තත්ත්වය මුල් කරගනිමින් ශ්‍රී ලංකාව කඩිනම් මුල්‍ය පහසුකමක් ඉල්ලීම හේතුවෙන් වන අතර ඊට ප්‍රතිචාර දක්වමින් අරමුදල විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 206ක මූල්‍ය පහසුකමක් ලබා දෙන ලදී.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...