තිබෙන බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවසීය.
කෙසේ වෙතත්, සෙසු ප්‍රතිසංස්කරණ එලෙස ම ඉදිරියට ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික අධධ්‍යාපන ආයතනය විසින් සිදුකළ විමර්ශන වාර්තාව අනුව ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ දරුවන් වෙත බෙදා දීමට සැලසුම් කර තිබුණු 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම හරහා පැන නැගුණු විවාදාත්මක තත්ත්වය සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වුණු අතර රජයේ මෙම තීරණය පැමිණෙන්නේ ඉන් සති කිහිපයකට පසුව ය.
විමල් වීරවංශ සත්‍යග්‍රහය අවසන් කරයි
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය අද පස්වරුවේ අවසන් කර තිබේ.
රජය විසින් 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දමා ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මෙලෙස සත්‍යග්‍රහය අවසන් කර ඇත.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බලකරමින් මෙම සත්‍යග්‍රහය ඊයේ ආරම්භ කළේය.




