The Leader News
BREAKING
Top Ad
පුවත්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

T

The Leader Desk

January 14, 2026 • 12:24 PM

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව පළමුවන ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු එම මස 29 වැනිදා ආරම්භ කරනු ඇත.
  • අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය නිකුත් කර ඇති එම සම්පූර්ණ කරුණු පහතින්, * 2026 ජනවාරි 13 දින පැවැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, 2026 ජනවාරි 21 දින සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු පහත පරිදි සිදු කිරීමට තීරණය කර ඇත.
  • වර්ෂයේ දී 1 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු පෙර උපදෙස් ලබාදුන් පරිදි ම 2026 ජනවාරි 29 දින ආරම්භ කරනු ලැබේ.
  • ශ්‍රේණිය සඳහා හඳුන්වාදීමට නියමිත නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් දමනු ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව පළමුවන ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු එම මස 29 වැනිදා ආරම්භ කරනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය නිකුත් කර ඇති එම සම්පූර්ණ කරුණු පහතින්,

* 2026 ජනවාරි 13 දින පැවැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, 2026 ජනවාරි 21 දින සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු පහත පරිදි සිදු කිරීමට තීරණය කර ඇත.

* 2026 වර්ෂයේ දී 1 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු පෙර උපදෙස් ලබාදුන් පරිදි ම 2026 ජනවාරි 29 දින ආරම්භ කරනු ලැබේ.

* 6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදීමට නියමිත නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් දමනු ලැබේ.

* 2026 වසර තුළ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා, දෛනික කාල පරිච්ඡේද සංඛ්‍යාව අටක් (08) ලෙස සංශෝධනය කළ යුතු අතර, එක් කාලඡේදයක් විනාඩි 40 ක් විය යුතු ය. ඒ අනුව, පෙර වසර වල ක්‍රියාත්මක වූ ආකාරයටම කාලසටහන් සකස් කළ යුතුය.

* 6 ශ්‍රේණිය සඳහා පෙර වර්ෂවල දී ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයම 2026 වර්ෂය සඳහා ද ක්‍රියාත්මක කළ යුතුය.

* 6 ශ්‍රේණිය සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළපොත් ප්‍රධාන වශයෙන් ම භාවිතයට ගනිමින් අධ්‍යාපන කටයුතු සිදු කළ යුතු ය.

* පසුගිය වසරේ භාවිත කළ පෙළපොත් සිසුන් වෙතින් එකතු කර, ඒවා නැවත 6 ශ්‍රේණියේ සිසුන් වෙත බෙදා හැරීම සම්බන්ධ උපදෙස් සියලු විදුහල්පතිවරුන් වෙත නිකුත් කරනු ලැබේ.

* අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් නව පෙළපොත් හැකි ඉක්මනින් මුද්‍රණය කර බෙදා හැරීමට අවශ්‍ය පියවර ගනු ඇත.

* 2026 වසරේ දී 6 ශ්‍රේණිය සඳහා භාවිත කළ යුතු පෙළපොත් සඳහා අදාළ මෘදු පිටපත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ e - තක්සලාව ' වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරනු ඇත.

* නව ප්‍රතිසංස්කරණයන්ට අදාළ මොඩියුල පිළිබඳ නියමු ව්‍යාපෘතියක් මෙම වසරේ දී පළාත් කිහිපයක ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, ඒ පිළිබඳ විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.

* 6 ශ්‍රේණිය සඳහා පිළියෙල කරනු ලැබ ඇති මොඩියුල නැවත සමාලෝචනය කර ඉදිරි වර්ෂයේ දී සුදුසු පරිදි භාවිත කරනු ඇත.

* නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළ ගුරු පුහුණු කටයුතු 2026 වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.

* නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන සංශෝධන හා තක්සේරු ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සහ පුළුල් මහජන දැනුම්වත් කිරීම් යන ප්‍රවේශයන් 2026 වසර තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.

* යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළව මෙතෙක් සකස් කර ඇති සංකල්ප පත්‍රිකාව, විෂයමාලා රාමුව සහ සියලු මොඩියුල, විවෘත හා පුළුල් මහජන සංවාදයක් සඳහා මහජනතාව වෙත විවෘත කරනු ඇත.

මෙම කරුණු සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ඉතා ඉක්මනින් නිකුත් කෙරෙනු ඇත.

ed m1

 ed m2

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...