The Leader News
BREAKING
Top Ad
පුවත්

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට බැරිවීම ගැන හොයන්න විශේෂ කාරක සභාවක්

T

The Leader Desk

January 14, 2026 • 12:38 PM

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට බැරිවීම ගැන හොයන්න විශේෂ කාරක සභාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැනිදා 2025.12.15 දිනැති අංක 2467/03 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතය.
  • ඉන් අනතුරුව දිට්වා සුලි කුණාටුවෙන් පසු රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් නිවේදනය කරයි.
  • වැනිදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
  • පෙරවරු 10.00 සිට 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


20 වැනිදා 2025.12.15 දිනැති අංක 2467/03 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 24 දරන  සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතය.

ඒ අනුව 21 වැනිදා දිට්වා සුලි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව පත් කිරීමේ යෝජනා සම්මතය අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව දිට්වා සුලි කුණාටුවෙන් පසු රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් නිවේදනය කරයි.

22 වැනිදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙරවරු 10.00 සිට 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

ඉන්පසු පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

23 වැනිදා විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇති අතර පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

20 Business for 2nd sitting week of January 2026 page 000120 Business for 2nd sitting week of January 2026 page 0002

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...