The Leader News
BREAKING
Top Ad
පුවත්

නාඩු සහ කැකුළු සහල් හිඟයක් ගැන අනතුරු ඇඟවීමක් : සම්බා සහ කීරි සම්බා වී අවම මිල ඉහළට

T

The Leader Desk

January 14, 2026 • 12:40 PM

නාඩු සහ කැකුළු සහල් හිඟයක් ගැන අනතුරු ඇඟවීමක් : සම්බා සහ කීරි සම්බා වී අවම මිල ඉහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අතර සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදී තිබේ.
  • වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් පිළිවෙලින් රුපියල් 120/-ක්, රුපියල් 125/-ක් සහ රුපියල් 132/-ක් ලෙස මිලදී ගෙන ඇත.
  • එහෙත් ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගා කිරීම වැඩි දියුණු කිරීම සඳහා එම වී වර්ගවල අවම මිල ගණන් සංශෝධනය කිරීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද මිල කමිටුව නිර්දේශ කර තිබේ.
  • එම නිර්දේශයන් පදනම් කර ගනිමින් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව තීරණය කර ඇත්තේ, නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු වී කිලෝග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 120/- ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අතර සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදී තිබේ.

වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් පිළිවෙලින් රුපියල් 120/-ක්, රුපියල් 125/-ක් සහ රුපියල් 132/-ක් ලෙස මිලදී ගෙන ඇත.

එහෙත් ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගා කිරීම වැඩි දියුණු කිරීම සඳහා එම වී වර්ගවල අවම මිල ගණන් සංශෝධනය කිරීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද මිල කමිටුව නිර්දේශ කර තිබේ.

එම නිර්දේශයන් පදනම් කර ගනිමින් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව තීරණය කර ඇත්තේ, නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු වී කිලෝග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 120/- ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටය.

ඒ සමඟම, සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 125/- සිට රුපියල් 130/- දක්වාත්, කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 132/- සිට රුපියල් 140/- දක්වාත් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

මෙම තීරණය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම්වත් කිරීමෙන් අනතුරුව, ඒ සඳහා කැබිනට් එකඟතාව ලබා දීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...