කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව එම පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.
දැනට එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරගෙන යන සාකච්ඡාවල ප්‍රගතිය විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් දැනුම් දුන් බවත් ඒ අනුව ඉදිරියේදී සිදුකරන කටයුතු සහ ඊට අදාලව කරගෙන යන සාකච්ඡා සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
සමගි ජන බලවේගයේ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ දින (13) පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණේ විපක්ෂ නායක, සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.
'බාල ගල් අඟුරු' ගෙන්වීම සම්බන්ධයෙන් තීන්දුවක්..
'බාල ගල් අඟුරු' ගෙන්වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් සම්බන්ධයෙන්ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
විදුලි ගාස්තු පාරිභෝගික ජනතාවට අසාධාරණයක් සිදුවන ආකාරයෙන් වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඊට එරෙහිව අංශ කිහිපයකින් ගත හැකි ක්‍රියා මාර්ග ගැනීමට ද මෙහිදී තීරණය වූ බවත් මුජිබර් රහුමාන් සඳහන් කළේය.
මීට අමතරව වර්තමාන දේශපාලන තත්ත්වයත් සමගි ජන බලවේගයේ සංවිධාන කටයුතු වැඩි දියුණු කිරීම සහ ඉදිරියේ දී ආණ්ඩුවෙන් එල්ල වන ඕනෑම අභියෝගයකට ශක්තිමත්ව විපක්ෂයක් ලෙස මුහුණ දීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වූ බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේය.




