The Leader News
BREAKING
Top Ad
පුවත්

ඒකාබද්ධ විපක්ෂය කොළඹ නගර සභාවේ මුදල් කමිටුවේ බලය අල්ලයි!

T

The Leader Desk

January 14, 2026 • 2:54 PM

ඒකාබද්ධ විපක්ෂය කොළඹ නගර සභාවේ මුදල් කමිටුවේ බලය අල්ලයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී අද (14) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ඒකාබද්ධ විපක්‍ෂය වැඩි ඡන්දයෙන් එම කාරක සභාවේ බලය පිහිටුවීය.
  • මුදල් කාරක සභාවේ සාමාජිකයන් 6 දෙනාගෙන් පස් දෙනෙක්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරු වැඩි ඡන්දයෙන් පත්වීම එහිදී කැපී පෙණිනු අතර එහිදී පැවැති රහස් ඡන්දයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කළ මන්ත්‍රීවරු පස්දෙනා ඡන්ද 60 ක් හිමිකරගැනීමට සමත් වූහ.
  • ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු වන රෝයි බෝගහවත්ත, තරංග ශානක අතුරලිය සහ අනුර සුජීව වීරවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දයාකාන්ත පෙරේරා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී අර්ෂාඩ් නිශාම්ඩීන් මෙසේ වැඩි ඡන්දයෙන් මුදල් කමිටුවට පත්වූහ.
  • මෙහිදී ඡන්ද 60 ක් ලැබීමෙන් කොළඹ මහ නගර සභාවේ බලය ඒකාබද්ධ විපක්‍ෂයට ඇති ප්‍රදර්ශනය වූ බවත් කොළඹ ජනතාවගෙන් ලැබුණු මෙම බලය ජනතාවගේ දියුණුව සහ සුබසිද්ධිය වෙනුවෙන්ම යොදාගන්නා බවත් ඔහු කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කොළඹ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී අද (14) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ඒකාබද්ධ විපක්‍ෂය වැඩි ඡන්දයෙන් එම කාරක සභාවේ බලය පිහිටුවීය.

මුදල් කාරක සභාවේ සාමාජිකයන් 6 දෙනාගෙන් පස් දෙනෙක්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරු වැඩි ඡන්දයෙන් පත්වීම එහිදී කැපී පෙණිනු අතර එහිදී පැවැති රහස් ඡන්දයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කළ මන්ත්‍රීවරු පස්දෙනා ඡන්ද 60 ක් හිමිකරගැනීමට සමත් වූහ.

කොළඹ නගර සභාවේ පාලක ජාතික ජනබලවේගය නියෝජය කරමින් නිල බලයෙන් නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මුදල් කාරක සභාවේ සාමාජිකත්වය දරන්නීය.


ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු වන රෝයි බෝගහවත්ත, තරංග ශානක අතුරලිය සහ අනුර සුජීව වීරවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දයාකාන්ත පෙරේරා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී අර්ෂාඩ් නිශාම්ඩීන් මෙසේ වැඩි ඡන්දයෙන් මුදල් කමිටුවට පත්වූහ.


පාලනයේ කකුලෙන් අදින්න කිසිඳු බලාපොරොත්තුවක් නැහැ - මන්ත්‍රී රෝයි බෝගහවත්ත

සමඟි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී රෝයි බෝගහවත්ත පැවසුවේ, මහ නගර සභා ආඥා පනතට අනුව ඕනෑම මහ නගර සභාව සියලුම මුදල් ගණුදෙනු මුදල් කාරක සභාවේ අනුමත කර මහ සභාවට ඉදිරිපත් කළ යුතු බවත් ඒ අනුව නගර සභාවේ මුදල් පිළිබඳව පාලනය අති බහුතරයකින් ඒකාබද්ධ විපක්‍ෂයට ලැබුණු බවත්ය.

මෙහිදී ඡන්ද 60 ක් ලැබීමෙන් කොළඹ මහ නගර සභාවේ බලය ඒකාබද්ධ විපක්‍ෂයට ඇති ප්‍රදර්ශනය වූ බවත් කොළඹ ජනතාවගෙන් ලැබුණු මෙම බලය ජනතාවගේ දියුණුව සහ සුබසිද්ධිය වෙනුවෙන්ම යොදාගන්නා බවත් ඔහු කීය.

මෙම බලය කොළඹ මහ නගර සභාවේ පාලනයේ කකුලෙන් අදින්න යොදාගැනීමේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව කී බෝගහවත්ත මන්ත්‍රීවරයා, ජනතාව වෙනුවෙන් කරන සියලුම හොඳ දේවල්වලට සහයොගය දෙන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

( lankadeepa | යොහාන් භාසුර)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඒකාබද්ධ විපක්ෂය කොළඹ නගර සභාවේ මුදල් කමිටුවේ බලය අල්ලයි! | The Leader