The Leader News
BREAKING
Top Ad
පුවත්

වෛද්‍යවරු අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමේ සුදානමක !

T

The Leader Desk

January 15, 2026 • 4:16 AM

වෛද්‍යවරු අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමේ සුදානමක !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව එම කාල රාමුව තුළදී ගැටළු විසඳීමට අමාත්‍යාංශය අපොහොසත් වන්නේ නම් එළැඹෙන 23 වැනි දින සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සංගමය පැවසුවේ පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ මෙරට සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුළ සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතළ නොසන්සුන්තාවයක් හටගත් බවය.

ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් ලිඛිත එකඟතාවයන් මත එම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවත් එම සංගමය සඳහන් කළේය.

ඒ අනුව පෙරේදා (13) දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ එකඟතා ක්‍රියාත්මක කරමින් ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට තීරණය කළ බවත්ය.

ඒ අනුව එම කාල රාමුව තුළදී ගැටළු විසඳීමට අමාත්‍යාංශය අපොහොසත් වන්නේ නම් එළැඹෙන 23 වැනි දින සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.


media 15

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...