අද දිනය ලොවට කියාපාන්නේ කෘතගුණ සැළකීමේ අගයයි.
හින්දු දින දර්ශකයෙහි අවුරුද්දේ මුල් මාසය හඳුන්වන්නේ, ''තෛ'' යි යනුවෙන් හැඳින්වෙන් වේ.
පොංගල් යන්නෙන් 'උදාවීම' යන අරුත් ගැන්වේ.
ඒ අනුව, නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ.
තම වගාවෙන් නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම තෛපොංගල් උත්සවයේ සුවිශේෂී කාර්යයකි.
වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යෙදු කිරිබත් ද, මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඬක් ද හිරු දෙවියන්ට පුද කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍ර කිහිපයකි.
සොබාදහම සමග බද්ධව සිදුකරන පූජෝත්සව අතුරින් තෛයිපොංගල් උත්සවයට හින්දු බැතිමතුන් ප්‍රමුඛ ස්ථානයක් ලබා දේ.
හිරු උදාවත් සමග හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් වල නිරතවනු දැකිය හැකි ය.
තෛපොංගල් සැමරුම් වෙනුවෙන් සහභාගී වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) දින උතුරු පළාතේ සංචාරයක නිරත වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) සහ හෙට (16) මන්නාරමේ සහ යාපනයේ පැවැත්වෙන වැඩසටහන් රැසක් සඳහා සහභාගි වීමට නියමිතය.
අද(15) ප.ව 2.00ට යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රිඩා පිටියේ පැවැත්වෙන උතුරු පළාත් තෛපොංගල් උත්සවය සඳහා සහභාගී වන ජනාධිපතිවරයා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී සංවිධානය කර තිබෙන තෛපොංගල් උත්සවය සඳහාද සහභාගි වීමට නියමිතය.
යුද්ධය නිසා උතුරු සහ නැගෙනහිර පළාත්වල තවමත් නිවාස අහිමිව සිටින පවුල් 2500ක් ඇතුළුව ‘තමන්ගේම තැනක් - ලස්සන ජිවිතයක්’ තේමාව යටතේ රට පුරා නව නිවාස 31,218ක් ඉදිකිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් හෙට (16) පෙ.ව 9.00ට යාපනය චාවකච්චේරිය වීරසිංහම් ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.
එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී හෙට පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.
තෛපොංගල් සමරන්න ජනපති අද උතුරට
T
The Leader Desk
January 15, 2026 • 4:48 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අද දිනය ලොවට කියාපාන්නේ කෘතගුණ සැළකීමේ අගයයි.
- වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යෙදු කිරිබත් ද, මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඬක් ද හිරු දෙවියන්ට පුද කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍ර කිහිපයකි.
- සොබාදහම සමග බද්ධව සිදුකරන පූජෝත්සව අතුරින් තෛයිපොංගල් උත්සවයට හින්දු බැතිමතුන් ප්‍රමුඛ ස්ථානයක් ලබා දේ.
- තෛපොංගල් සැමරුම් වෙනුවෙන් සහභාගී වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) දින උතුරු පළාතේ සංචාරයක නිරත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



