The Leader News
BREAKING
Top Ad
පුවත්

චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ඇරඹේ

T

The Leader Desk

January 15, 2026 • 5:36 AM

චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීම ඉලක්කගත සාධකයක් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
  • අග්‍රාමාත්‍යවරිය විසින් මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (14) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති, චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරමිනි.
  • Qi Zhenhong විසින් සිදු කළ අතර පන්ති කාමර තුළ තාක්ෂණික උපකරණ සවිකිරීම අභිබවා ගිය, ළමයාව මනා ලෙස මාර්ගගත සුරක්ෂිතතාවකින් ආරක්ෂා වූ තාක්ෂණික අධ්‍යාපන රටාවකට යොමු කිරීම ව්‍යාපෘතියේ අරමුණ වේ.
  • එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් සඳහා වන ක්ලවුඩ් (Cloud) දත්ත මධ්‍යස්ථානයක්, දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේදයක් සහ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ මෙහෙයවිය හැකි විශේෂාංග සහිත ස්මාර්ට් පන්ති කාමර 900කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවීමට ද සැලසුම් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීම ඉලක්කගත සාධකයක් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඩිජිටල් අසමානතාවක් පවතින පාසල් හඳුනාගෙන ඒවා ඩිජිටල්කරණයට ලක් කොට සෑම සිසුවෙකුටම සමාන අධ්‍යාපන පහසුකම් භුක්ති විඳීමට ඉඩ සලසා දිය යුතු බවත්, තාක්ෂණය අධ්‍යාපනයට එක් කිරීමේදී ළමා ආරක්ෂණය සුරැකෙන සේ ළමා මනසට ගැලපෙන ආකාරයෙන් යම්කිසි රාමුවක් තුළ එම ක්‍රමවේදයන් සැකසිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍යවරිය විසින් මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (14) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති, චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරමිනි.
 
එම වැඩසටහන ආරම්භ කිරීමේ  ගිවිසුම අත්සන් කිරීම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සහ චීන තානාපති H.E. Qi Zhenhong විසින් සිදු කළ අතර  පන්ති කාමර තුළ තාක්ෂණික උපකරණ සවිකිරීම අභිබවා ගිය, ළමයාව මනා ලෙස මාර්ගගත සුරක්ෂිතතාවකින් ආරක්ෂා වූ තාක්ෂණික අධ්‍යාපන රටාවකට යොමු කිරීම ව්‍යාපෘතියේ අරමුණ වේ.
 
එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් සඳහා වන ක්ලවුඩ් (Cloud) දත්ත මධ්‍යස්ථානයක්, දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේදයක් සහ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ මෙහෙයවිය හැකි විශේෂාංග සහිත ස්මාර්ට් පන්ති කාමර 900කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවීමට ද සැලසුම් කර ඇත.
 
මේ සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, චීන තානාපති කාර්යාලයේ සහ සමාගම් කිහිපයක නිලධාරීන්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රාශියක් සහභාගී වූහ.


 china do11

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...