The Leader News
BREAKING
Top Ad
පුවත්

දෙමළ ජාතියේ ඉතිහාසය ඉස්කෝල පොත්වලින් මකලා

T

The Leader Desk

January 15, 2026 • 7:25 AM

දෙමළ ජාතියේ ඉතිහාසය ඉස්කෝල පොත්වලින් මකලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "විශේෂයෙන්ම ආරුමුග නාවලර්ගේ ඉතිහාසය දැන් පෙළපොත්වල නැහැ.
  • ඒවා 70 සහ 80 ගණන්වල පෙළපොත්වල තිබුණා.
  • විශේෂයෙන් කුලකොට්ටන්, සංගිලියන්, බණ්ඩාරවන්නියන්, අරස කේසරි ආදීන් මේ භුමිය පාලනය කරලා තිබෙනවා.
  • එල්ලාලන් මේ භුමිය අවුරුදු 40ක් පාලනය කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


2026 ජනවාරි 11 වැනිදා කිලිනොච්චියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් සදහන් කර සිටියේ,  පාර්ලිමේන්තුව නියෝජනය කරන සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනාම ජනවාරි 08 වැනිදා අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරිය හමුවී එම ඉල්ලීම සිදු කළ බවයි.

 

දෙමළ සහ සයිව සම්ප්‍රදායන් නගා සිටුවීමට සිය ජීවිතය කැප කළ ශ්‍රී ආරුමුග නාවලර් තුමා සම්බන්ධයෙන් දෙමළ පාසල් පෙළ පොත් වල තිබු කරුණු පවා ඉවත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ද වන  අගමැතිනිය දැනුවත් කළ බව ශිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී සදහන් කර තිබුනි.

 

"විශේෂයෙන්ම ආරුමුග නාවලර්ගේ ඉතිහාසය දැන් පෙළපොත්වල නැහැ. ඒ නිසා දෙමළ ජනතාවගේ මූලික මූලධර්ම වන දෙමළ ජනතාවගේ ඉතිහාසය එක් කාලයක තිබුණා. ඒවා 70 සහ 80 ගණන්වල පෙළපොත්වල තිබුණා. පසුගිය ආණ්ඩු හිතාමතාම සහ ක්‍රමයෙන් දෙමළ ඉතිහාසය නැති  කළා. ඉවත් කළ දේ නැවත පෙළපොත්වලට ඇතුළත් කළ යුතු බව අපි ඇයට පැහැදිලිව කළා."

හිටපු අධ්‍යාපනඥයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් එහිදී තව දුරටත්  සදහන් කර තිබුනේ මෙරට භුමිය පාලනය කළ දෙමළ රජවරුන්ගේ ඉතිහාසය මෙන්ම ඔවුන් ඉදි කළ වැව් අමුණු සහ ආගමික ස්ථාන සම්බන්ධයෙන් වන තොරතුරුද පාසල් පෙළ පොත් වලින් ඉවත් කර ඇති බවයි.

"දෙමළ ජනතාව, ඊලාම් දෙමළ ජනතාව මේ දේශයේ ස්ථිර පුරවැසියන්. ආදිවාසී පුරවැසියන්. ඔවුන් මේ දේශයට අයත්. අපට ඉතිහාසයක් තිබෙනවා. විශේෂයෙන් කුලකොට්ටන්, සංගිලියන්, බණ්ඩාරවන්නියන්, අරස කේසරි ආදීන් මේ භුමිය පාලනය කරලා තිබෙනවා. එල්ලාලන් මේ භුමිය  අවුරුදු 40ක් පාලනය කර තිබෙනවා. දෙමළ රජවරු මෙහි සටන් කර තිබෙනවා. ඔවුන් විසින් බොහෝ වැව් සහ කෝවිල් ඉදිකර තිබෙනවා. ඔවුන් බ්‍රිතාන්‍ය, ලන්දේසි සහ පෘතුගීසීන්ට එරෙහිව සටන් කර තිබෙනවා. ඒ නිසා මේ ඉතිහාස සැඟවිලා තියෙනවා."

 

දෙමළ ජනයාගේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු පාසල් පෙළ පොත් තුලින් ඉවත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ද වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරියට ඉදිරියේ දී ලබා දීමටත්  ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහිදී පොරොන්දු වී තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...