The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රගීත් අතුරුදහන් කිරීමේ නඩුවේ චුදිතයකුට උසස්වීමක් දුන් ජනපතිට සන්ධ්‍යාගෙන් දෝස්මුරයක්

T

The Leader Desk

January 15, 2026 • 9:47 AM

ප්‍රගීත් අතුරුදහන් කිරීමේ නඩුවේ චුදිතයකුට උසස්වීමක් දුන් ජනපතිට සන්ධ්‍යාගෙන් දෝස්මුරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මෙකී නඩුවේ 9 වන චුදිතයා ලෙස නම් කර සිටින හමුදා බුද්ධි නිලධාරි තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස් යන අයගේ හමුදා නිලය ' බ්‍රිගේඩියර් ' තනතුර දක්වා ඔබතුමා විසින් උසස් කර ඇති බව මාධ්‍ය වාර්තා මගින් දැනගන්නට ලැබුණි.
  • ඇය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට තව දුරටත් අවධාරණය කර ඇත්තේ මෙවැනි බරපතල අපරාධ චෝදනා ලැබු අයෙකුට උසස් නිලතල ප්‍රදානය කිරීම අධිකරණ ක්‍රියාවලියේ පසුබෑමට බලපෑ හැකි බවයි.
  • එබැවින්, මෙම කරුණු කෙරෙහි කඩිනම් අවධානය යොමු කර, අදාළ නිලධාරියාගේ උසස්වීම වහාම අත්හිටු වීමට හෝ දැනටමත් ලබා දී ඇත්නම් එය අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතවම ඉල්ලා තිබේ.
  • ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපියේ පිටපත් අගවිනිසුරුතුමා, නිතිපතිතුමා සහ බලහත්කාරයෙන් හා නොකමත්තෙන් අතුරුදහන් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී (UNWGEID) වෙත යොමු කිරීමටත් සන්ධ්‍යා එක්නැලිගොඩ කටයුතු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රගීත් එන්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වැනි  චූදිතයා වන තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස්ට  බ්‍රිගේඩියර් පදවියක් ලබාදීම පිළිබඳ විරෝධය පළ කරමින් ඇය 2026 ජනවාරි 13 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත්තේ 2010 ජනවාරි 24 වැනි  දින අනීතික ලෙස පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩගේ බිරිඳ ලෙසත්, මේ වන විට කොළඹ ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ අගතියට පත් පාර්ශවය ලෙසත්ය.

"මෙකී නඩුවේ 9 වන චුදිතයා ලෙස නම් කර සිටින හමුදා බුද්ධි නිලධාරි තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස් යන අයගේ හමුදා නිලය ' බ්‍රිගේඩියර් ' තනතුර දක්වා ඔබතුමා විසින් උසස් කර ඇති බව මාධ්‍ය වාර්තා මගින් දැනගන්නට ලැබුණි. එම පත්වීම සම්බන්ධයන් මාගේ දැඩි කණගාටුව සහ විරෝධය පහත කරුණු පදනම් කරගනිමින් ඉදිරිපත් කරමි."

 

නීතිපතිතුමා විසින් 2019 වසරේදී ස්ථීර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ මෙම නිලධාරියාට එරෙහිව ' මරණයට පත් කිරීම' ඇතුළු අධිචෝදනා 17 ක් ගොනු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායකට සිහිපත් කර දෙන මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විමර්ශන වලට අනුව, 2009.08.27 දින ප්‍රගීත් එක්නැලිගොඩ පළමු වරට පැහැර ගැනීම සඳහා හබරණ සිට කොළඹ දක්වා ලුහුබඳින ලද පුද්ගලයා සහ 2010.01.24 දින අතුරුදහන් කිරීමට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයකු ලෙස මොහු හඳුනාගෙන ඇති බවත් දැනුම් දී තිබේ.

 

ඇය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට තව දුරටත්  අවධාරණය කර ඇත්තේ මෙවැනි බරපතල අපරාධ චෝදනා ලැබු අයෙකුට උසස් නිලතල ප්‍රදානය කිරීම අධිකරණ ක්‍රියාවලියේ පසුබෑමට බලපෑ හැකි බවයි.

"මෙවැනි බරපතල අපරාධ චෝදනා ලැබූ අයෙකුට උසස් නිලතල ප්‍රදානය කිරීම මගින්, නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත්, විමර්ශන නිලධාරීන් සහ අධිකරණ ක්‍රියාවලිය අධෛර්යමත් වීමටත් විශාල ඉඩකඩක් පවතී."

මෙම නඩුවේ පළමු චුදිතයා වන විශ්‍රාමික බ්‍රිගේඩියර් වරයකු දැනට සේවයේ නිරත හමුදා නිළධාරීන් මාර්ගයෙන් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකුට බරපතල මරණ තර්ජන හා බලපෑම් කර ඇති ආකාරයත් සිය ලිපිය මගින් සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

"බ්‍රිගේඩියර් තනතුර දරා, දැනට විශ්‍රාමික මෙම නඩුවේ පලමු චූදිතයා විසින්, නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකුට (4 වන සාක්ෂිකරු) දැනට සේවයේ නිරත හමුදා නිළධාරීන් මාර්ගයෙන් බරපතල මරණ තර්ජන හා බලපෑම් කර ඇති අතර, මේ වනවිට ඔහුට විරුද්ධව අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශය මගින් ගොනුකරන ලද අංක BR 115/01/PC/2025 B වාර්තා නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බව ඔබතුමාගේ අවධානයට යොමු කරමි."

 

ප්‍රගීත්  එක්නැලිගොඩ නඩුව කඩිනම් කර යුක්තිය ඉටු කරන බවට ජනාධිපති විසින්  ලබා දුන් ප්‍රතිඥාවන් පිළිබඳව තමන් තැබූ විශ්වාසය මෙවැනි තීරණ හරහා බිඳ වැටීමට ලක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායකට දැනුම් දෙන සන්ධ්‍යා එක්නැලිගොඩ සිය ලිපිය මගින් තව දුරටත් දැනුම් දී ඇත්තේ  බරපතල අපරාධ නඩුවක වුදිතයකු  ලෙස අධිකරණය හමුවේ පෙනී සිටින නිලධාරියකුට රාජ්‍ය ගෞරව සහිත උසස්වීම් ලබාදීම නීතියේ ආධිපත්‍යට සහ යහපත් පූර්වාදර්ශයන්ට පටහැනි බව තමාගේ විශ්වාසය බවයි.

 

එබැවින්, මෙම කරුණු කෙරෙහි කඩිනම් අවධානය යොමු කර, අදාළ නිලධාරියාගේ උසස්වීම වහාම අත්හිටු වීමට හෝ දැනටමත් ලබා දී ඇත්නම් එය අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස  මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන්  ලිඛිතවම ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා වෙත යොමු කළ එම  ලිපියේ පිටපත් අගවිනිසුරුතුමා, නිතිපතිතුමා සහ බලහත්කාරයෙන් හා නොකමත්තෙන් අතුරුදහන් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී (UNWGEID) වෙත යොමු කිරීමටත් සන්ධ්‍යා එක්නැලිගොඩ කටයුතු කර ඇත.

Scan 20260113

Scan 20260113 2

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...