The Leader News
BREAKING
Top Ad
පුවත්

මලෛයග අරගලය වෙනුවෙන් දිවි පිදූ සටන්කාමීන්ගේ ඉතිහාසය ලේඛනගත කිරීමේ යෝජනාවක්

T

The Leader Desk

January 15, 2026 • 11:30 AM

මලෛයග අරගලය වෙනුවෙන් දිවි පිදූ සටන්කාමීන්ගේ ඉතිහාසය ලේඛනගත කිරීමේ යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "අප අතර පර්යේෂකයන් සහ ශාස්ත්‍රඥයන් සිටිනවා.
  • දශකයේ සිට අපට කොපමණ පිරිසක් අහිමි වී ඇත්ද?
  • ඒ හිඩැස පුරවා එය සාක්ෂාත් කර ගැනීමේ අවශ්‍යතාවය ගැන අප සිතා බැලිය යුතුයි." මලෛයග අරසියල් අරංගම් නායක මයිල්වාහනම් තිලකරාජ් ඒ බව සදහන් කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහි අරගලයක දිවිදුන් මුල්ම මලයහ දෙමළ විරුවා ලෙස සැලකෙන මුල්ඔය ගෝවින්දන්ගේ 86 වැනි අනුස්මරණයට එක්වෙමිනි.
  • වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය වෙනුවෙන් සටන් වැද සිටියදී පොලිස් සැරයන් සුරවීරගේ රයිෆල් උණ්ඩය 1940 ජනවාරි10 දින හේවාහැට මුල්ඔය වතුයායේ ගෝවින්දන්ගේ ජීවිතය බිලිගෙන තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):


"අප අතර පර්යේෂකයන් සහ ශාස්ත්‍රඥයන් සිටිනවා. 80 දශකයේ සිට අපට කොපමණ පිරිසක් අහිමි වී ඇත්ද? ඔවුන් සහභාගී වූ අරගලය කුමක්ද? ඒ හිඩැස පුරවා එය සාක්ෂාත් කර ගැනීමේ අවශ්‍යතාවය ගැන අප සිතා බැලිය යුතුයි."

මලෛයග අරසියල් අරංගම් නායක මයිල්වාහනම් තිලකරාජ් ඒ බව සදහන් කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහි අරගලයක දිවිදුන් මුල්ම මලයහ දෙමළ විරුවා ලෙස සැලකෙන මුල්ඔය ගෝවින්දන්ගේ 86 වැනි අනුස්මරණයට එක්වෙමිනි.

 

ml02

වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය වෙනුවෙන් සටන් වැද සිටියදී පොලිස් සැරයන් සුරවීරගේ රයිෆල් උණ්ඩය 1940 ජනවාරි10 දින හේවාහැට මුල්ඔය වතුයායේ ගෝවින්දන්ගේ ජීවිතය බිලිගෙන තිබුනි.

 

කම්කරු නායක ගෝවින්දන් ඇතුළු මලය කඳුරට සටන්කාමීන්ට උපහාර පිනිස සෑම වසරකම ජනවාරි 10 වැනි දින කඳුකර දිවි පිදූවන්ගේ දිනය ලෙස අනුස්මරණය කිරීමට 2019 දෙසැම්බර් 15 වැනි දින මලෛයග උරිමෛකුරල් සහ පිඩිතලරාතේ යන සංවිධාන දෙකේ සංවිධානත්වයෙන් පැවති වතු කම්කරු සමරු උත්සවයකදී යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

2026 ජනවාරි 10 වැනිදා  කොටගල කොමර්ෂල් ලේක් ප්‍රදේශයේදී සිදු කළ අනුස්මරණයේ දී මලෛයග අරසියල් අරංගම් නායක මයිල්වාහනම් තිලකරාජ් එහිදී වැඩි දුරටත් පවසා තිබුනේ 1940 ජනවාරි 10 දින හේවාහැට මුල්ඔය වතුයායේ ගෝවින්දන්ගේ ජීවිතය බිලිගත් මොහොතේ සිට 1980 වසරේ මුලදී, මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පල්ලේගල වත්තේ මලයග ජනතාවගේ ඉඩම් අමිහිවීමට එරෙහිව දියත් කළ උද්ඝෝෂනයට නායකත්වය දුන් පලනිවේල් පොලිස් ප්‍රහාරයකින්  ඝාතනය වීම දක්වා  කම්කරු නායකයන් 36 දෙනකුගේ නම් හා අරගලය ලේඛන ගතව ඇතත් ඉන් පසු ඒවා ලේඛන ගත වී නොමැති බවයි.

ml01
කඳුරට දෙමළ ජනතාවගේ උරුමය වෙනුවෙන් සටන් වැදී දිවි දුන් විරුවන්ගේ දිනය අනුස්මරණය කිරීමට එක්ව සිටි නිදහස් මාධ්‍යවේදී රාමචන්ද්‍රන් සනත් සදහන් කර තිබුනේ මලෛයග ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සීටිමට මෙය සුදුසුම කාලයක් බවයි.

" සමාජ විමුක්තිය ගත්තොත් ඉඩම් අයිතිවාසිකම් තමයි ප්‍රධානම දේ. මලෛයග ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මෙය සුදුසු කාලයයි.  "

මෙවර කොටගල කොමර්ෂල් ලේක් ප්‍රදේශයේදී සිදු කළ අනුස්මරණය සංවිධානය කර තිබුනේ පිඩි තලරාඩේ සංවිධානය විසිනි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මලෛයග අරගලය වෙනුවෙන් දිවි පිදූ සටන්කාමීන්ගේ ඉතිහාසය ලේඛනගත කිරීමේ යෝජනාවක් | The Leader