The Leader News
BREAKING
Top Ad
පුවත්

ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ දෙමළ ගැහැණු සහ පිරිමි ලන්ඩනයේදී කතා කරති

T

The Leader Desk

January 15, 2026 • 4:24 PM

ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ දෙමළ ගැහැණු සහ පිරිමි ලන්ඩනයේදී කතා කරති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවරාකාර විය යුතුද යන්න පිළිබඳව වසර දෙකක කාලයක් තිස්සේ අනාවරණය කරගත් තොරතුරු ඇතුලත් වාර්තාවක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
  • දෙවනුව, වන්දි ගෙවීම යනු මෙම කුරිරුකම් සඳහා ශ්‍රී ලංකා පාලන තන්ත්‍රය වගකිව යුතු බවට පත් කිරීමයි,” යනුවෙන් නොනැසී සිටින අයකු පවසා තිබේ.
  • දී අවසන් වූ සන්නද්ධ ගැටුම අතරතුර සහ ඉන් පසුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයින් විසින් සිදු කරන ලද ස්ත්‍රී දූෂණ සහ වෙනත් ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වයන්ගෙන් දිවි නොනැසී සිටින පිරිමි සහ කාන්තාවන් පනස් දෙනකුගෙන් ITJP විසින් විස්තර ලබා ගෙන ඇත.
  • කලින් ගැටුම් පැවති ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර එවැනි වින්දිතයන් මුණගැසීම සඳහා ආරක්ෂාව හෝ අවසර නොතිබූ බැවින් මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ලන්ඩනයේ දීය.
අකුරු ප්‍රමාණය (Font Size):

කවරාකාර විය යුතුද යන්න පිළිබඳව වසර දෙකක කාලයක් තිස්සේ අනාවරණය කරගත් තොරතුරු ඇතුලත් වාර්තාවක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පුළුල් ලෙස ව්‍යාප්ත ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් නොනැසී සිටින්නන් පවසන්නේ ඔවුන්ට වහාම යුක්තිය, වගවීම සහ තිරසාර මානසික සහ සමාජීය සහයෝගය අවශ්‍ය බවයැයි දකුණු අප්‍රිකාව මුලස්ථානය කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් අද දින ප්‍රසිද්ධියට පත් කරන ලද එම අලුත්ම වාර්තාව කියා සිටි.

“මම විශ්වාස කරන ආකාරයට මූලික වශයෙන් වන්දි ගෙවීම යනු අභ්‍යන්තර වන්දි ගෙවීමයි - නොනැසී සිටින්නන්ට අභ්‍යන්තරව සහ චිකිත්සකව සුව කිරීමට උපකාර කිරීම. දෙවනුව, වන්දි ගෙවීම යනු මෙම කුරිරුකම් සඳහා ශ්‍රී ලංකා පාලන තන්ත්‍රය වගකිව යුතු බවට පත් කිරීමයි,” යනුවෙන් නොනැසී සිටින අයකු පවසා තිබේ.

2009 දී අවසන් වූ සන්නද්ධ ගැටුම අතරතුර සහ ඉන් පසුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයින් විසින් සිදු කරන ලද ස්ත්‍රී දූෂණ සහ වෙනත් ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වයන්ගෙන් දිවි නොනැසී සිටින පිරිමි සහ කාන්තාවන් පනස් දෙනකුගෙන් ITJP  විසින් විස්තර ලබා ගෙන ඇත.

කලින් ගැටුම් පැවති ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර එවැනි වින්දිතයන් මුණගැසීම සඳහා ආරක්ෂාව හෝ අවසර නොතිබූ  බැවින් මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ලන්ඩනයේ දීය.

ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය නිසා පිටුවහල් කරන ලද දෙමළ නොනැසී සිටින්නන්ගේ යුක්ති සහ වන්දි අවශ්‍යතා යන පිටු 68 කින් යුත් වාර්තාවේ ප්‍රවිචාරණයට සහභාගි වූවන් ස්වකීය පීඩාව විදහා දක්වන කලා කෘති ද ඇතුළත් කර ඇත.


යුද්ධයෙන් පසු දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වූ නොනැසී සිටින්නන් - ඔවුන්ගේ කඩිනම් අවශ්‍යතා හඳුනා ගෙන තිබේ. මේවාට පුළුල් මනෝ සමාජීය සහ සෞඛ්‍ය සහාය, ආරක්ෂාව සහ ආරක්ෂිත නිවාස, ඇතුළත්කරණය සහ ප්‍රජාමය හැඟීමක් නැවත ගොඩනැගීමට අවස්ථා, නීතිමය පිළියම් සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සහ නඩු පැවරීම ඇතුළත් ව ඇත. “සතුටින් පිරුණු ජීවිතයක්, ආරක්ෂිත පරිසරයක්, සෞඛ්‍ය සම්පන්න මානසික තත්වයක් සහ ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශය” ඔවුන්ගේ අපේක්ෂාවයි.


දිවි ගලවා ගත්තවුන්ගේ ගෝලීය අරමුදලේ (GSF) මූල්‍ය සහාය ඇතිව  ITJP විසින්  සම්පාදනය කර ඇති මෙම වාර්තාවේ  ලිංගික ප්‍රචණ්ඩත්වය නිසා පුද්ගලයන්ට සහ පුළුල් දෙමළ ප්‍රජාවට සිදු වූ විනාශකාරී සහ දිගුකාලීන ප්‍රතිවිපාක පැහැදිලිව ප්‍රකාශ වේ.

"බලපෑම දැඩි කම්පනයක් වගේ," එක් අයෙක් පැවසූ අතර  තවත් අයෙක් "අපිව දකින්නේ හරිම නින්දාවක් විදිහට," යනුවෙන් සදහන් කර ඇත.

‍ශ්‍රී ලංකාවේ හෝ පිටුවහල්ව සිටියත්, බිය, අපකීර්තිය සහ හුදකලාව මගින් සලකුණු කරන ලද ජීවිත ගැන නොනැසී සිටින අය විස්තර කර තිබේ.

බියකරු සිහින, අතීත මතකයන්, නිල ඇඳුම් ඇඳගත් පිරිමින් සහ ආරක්ෂක නිලධාරීන් කෙරෙහි ඇති බිය මෙන් ම සිය පවුල්වලින් සහ ප්‍රජාවන්ගෙන් හුදෙකලා වි සිටින ඔවුන් තම ජීවිත නැවත ගොඩනගා ගැනීමට අරගල කරති.

“බොහෝ වින්දිතයින්ට ළිඳකට පැන හෝ ගෙලවැල ලාගෙන සිය ජීවිත අවසන් කර ගැනීමට උත්සාහ කරනු හැර වෙනත් විකල්පයක් නැහැ,” යි නොනැසී සිටිය අයකු  පවසා තිබේ. තම ශරීරයේ ඇති කැළැල් ගැන විමසූ විට තම කුඩා පුතාට කුමක් කිව යුතු දැයි තමාට නොවැටහෙන බව එක් පියෙක් කණාගාටුවෙන් සදහන් කර ඇත.


මුලින්ම රාජ්‍යය නිසා ද පසුව ඔවුන්ගේම ප්‍රජාව නිසා ද තමා අත්විඳින ද්විත්ව වින්දිතභාවය ගැන නොනැසී සිටින අය කතා කර ඇත. “ඒ  නිසා තමන්ගේ පවුලට ප්‍රශ්නයක් වෙනවා - පවුලෙ අයම අපිව කොන් කරලා විවේචනය කරනවා, සමාජයත් එහෙමයි”.


“සමහර අවස්ථාවල දී, ශ්‍රී ලංකාවේ සේවාවන් මගින් ලිංගික අතවරවලට ලක් ව සිටින අපව, දෙමළ ප්‍රජාවේ අනෙක් අයත් ඒ විදියටම පාවිච්චි කරන්න බලනවා.”

දකුණු අප්‍රිකාව මුලස්ථානය කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් 2026 ජනවාරි 15 වැනිදා ප්‍රකාශයට පත් කළ වාර්තාවේ සදහන් පරිදි පිරිමින් සහ කාන්තාවන් යන දෙපිරිසටම අයත් මෙම කණ්ඩායම ලන්ඩනයේ මනෝ සමාජීය ව්‍යාපෘතියක් සඳහා සතිපතා රැස්ව ඇති අතර මේ වන විට ඒ සඳහා වූ අරමුදල් කපා හැර ඇත.

බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සහ මානසික ප්‍රතිකාර ලබා ගැනීමේ දුෂ්කරතා සම්බන්ධයෙන් ඔවුන් විස්තර කර තිබේ.

මෙමගින් ලිංගික හිංසනයෙන් දිවි ගලවා ගත් මිශ්‍ර ලිංගික දෙමළ කණ්ඩායමක් ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව සාමූහිකව සහ විවෘතව කතා කළ පළමු අවස්ථාව සනිටුහන් කර තිබෙන බව ITJP පවසයි.  “සහභාගී වුනාට පස්සෙ මට තේරුනා... ලිංගික හිංසනයේ බලපෑම පිරිමින්ට සහ කාන්තාවන්ට සැබවින්ම එක හා සමානයි. ඒක ගොඩත් වැදගත් ,” තවත් නොනැසී සිටින අයෙක් සදහන් කර ඇත.

සහභාගිවන්නන් මුලදී එවැනි තහනම් විෂයයක් සාකච්ඡා කිරීමට පසුබට වූ නමුත් ආරක්ෂිත අවකාශයක් ලැබීම සුවය සහ සහයෝගීතාවය මගින් එයට ඉඩ සැලසීය: “අපිට සිදු වෙච්ච දේවල්වලට පස්සේ කණ්ණාඩියෙන් මූණ බලන්නවත් බැරි වුනා, ඒත් දැන් අපිට පුළුවන්. ඒක විශිෂ්ට ජයග්‍රහණයක්,” එක් කාන්තාවක් පැවසුවාය.


මෙම දිවි ගලවා ගත් අය ලිංගික හිංසනය පමණක් නොව අසාමාන්‍ය පරාසයක බිහිසුණු උල්ලංඝනයන් විඳදරා ගෙන ඇත. “බොහෝ විට, ඔවුන් සහ/හෝ ඔවුන්ගේ ආදරණීයයන් බලහත්කාරයෙන් සටන් කිරීමට බඳවා ගැනීම, නැවත නැවතත් අවතැන් කිරීම බෝම්බ හෙලනු ලැබීම, ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබීම, කුසගින්නේ තැබීම, වෛද්‍ය ආධාර ප්‍රතික්ෂේප කිරීම, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම, සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම හෝ ක්ෂණික මරණ දණ්ඩනයට ලක් කිරීම සිදු කර ඇත,” යනුවෙන් ITJP හි විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය.


මෙම හානිපුරණ අධ්‍යයනය විශේෂයෙන් ලිංගික ප්‍රචණ්ඩත්වය කෙරෙහි අවධානය යොමු කරන අතර, අපරාධවල නොනැසී සිටින අය සම්බන්ධයෙන් සලකන විට ජනවාර්ගික වශයෙන් ඉලක්ක කරගත් හිංසනයක පුළුල් රටාවක් පෙන්නුම් කරය.

“මේක අපේ ප්‍රජාවට ක්‍රමානුකූලව සහ හිතාමතා සිදු කරන දෙයක්, බොහෝ දුරට සිදුවන්නේ දෙමළ ජනතාවගේ චිත්ත ධෛර්යය, අද්විතීය සහ සංස්කෘතික අනන්‍යතා විනාශ කිරීමට සහ පුද්ගලයන්ට අවමන් කිරීමට වධහිංසා පැමිණවීමේ කොටසක් විදිහට”.

නොනැසී සිටින අය තමන් විඳි ලිංගික හිංසනය ඔවුන්ගේ මුළු ප්‍රජාවටම පුළුල් මානසික බලපෑමක් ඇති කළ බව පැහැදිලි කර තිබේ. “ශ්‍රී ලංකා හමුදාව කාන්තාවන්; කාන්තාවන්ගේ මළ සිරුරු පවා අපයෝජනය කළ ආකාරය පිළිබඳ වීඩියෝ - මේවා අපගේ ප්‍රජාවට විශාල බලපෑමක් ඇති කරනවා,” ඔවුන් පැවසීය. අපරාධකරුවන්ට දඬුවම් කරනු දැකීම ප්‍රධාන අපේක්ෂාවක් විය, “එමගින් අපට කිසියම් සෑහිමකට පත්වීමක් ලබා දෙනු ඇති” බව ඔවුන් පැවසීය.


දකුණු අප්‍රිකාව මුලස්ථානය කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් ප්‍රකාශයට අලුත්ම වාර්තාව මගින් කියා සිටින්නේ 2009 යුද්ධය අවසන් වූ දා සිට, කලින් ගැටුම් පැවති ප්‍රදේශවල දෙමළ ජනතාවට ඉලක්ක කරගෙන ආරක්ෂක හමුදා විසින් සිදු කරන පැහැරගැනීම්, වධහිංසා පැමිණවීම් සහ ලිංගික හිංසනය අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි.

 

“එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයන් විසින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලද උල්ලංඝනයන් තහවුරු කර නැවත නැවතත් සොයාගැනීම් සිදු කර තිබියදීත්, ශ්‍රී ලංකා රජය විසින් මෙම අපරාධ ප්‍රතික්ෂේප කිරීම සහ නොසලකා හැරීම දිගටම කරගෙන යයි. ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම්වලට පටහැනිව, මෙම දිගින් දිගට ම සිදු වන මුල් බැසගත් ප්‍රතික්ෂේප කිරීම නිසා දිවි ගලවා ගත් අයට ඛාදනීය  හා කම්පන සහිත බලපෑමක් ඇති කර තිබේ.”

බොහෝ සහභාගිවන්නන් රජයේ මුල් බැසගත් දණ්ඩ විමුක්තිය සහ ජාත්‍යන්තර ප්‍රජාව තීරණාත්මකව ක්‍රියා කිරීමට අපොහොසත් වීම යන දෙකටම කෝපය සහ කලකිරීම ප්‍රකාශ කර ඇත. ‘නියෝජිත ආයතනය’ පිළිබඳ සාකච්ඡාවක් ගැඹුරු හැඟීම් අවුලුවාලූ අතර, එය පාලනය කළ නොහැකි පාවාදීම සහ අයුක්තිය පිළිබඳ හැඟීමකට ස්පර්ශ්‍ය විසඳුම් සඳහා දැඩි ආයාචනාවලින් අවසන් විය:

“යුද්ධයෙන්  මට මගේ පවුලේ සියලුම සාමාජිකයන් අහිමි වුණා, ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා රජයට වගවීමට ලක් කිරීමට කිසිවක් කළේ නැහැ. ඔබ කියනවා, මට නියෝජිත ආයතනක් ගැන කතා කරන්න කැමතියි කියලා. ජාත්‍යන්තර ප්‍රජාව කිසිවක්  කරන්නෙ නැත්නම් මට කරන්න පුළුවන් මොනවද?”

අත්විඳින ලද අපරාධ සඳහා යුක්තිය නොමැතිකම නැවත නැවතත් තේමාවක් ලෙස නැවත පැමිණියේය.

“අපේ ප්‍රශ්නවලට නීති පද්ධතියෙන් විසඳුමක් නැහැ. අපි කෙනෙකුව වගවීමට ලක් කිරීමට උත්සාහ කළත්, නීති පද්ධතියෙන් බේරෙන්න ඔවුන් තවත් ක්‍රම දහයක් සොයා ගන්නවා, වැරදිකරුවන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ,” අයෙක් සදහන් කර තිබේ.


ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය සිය වාර්තාව මගින් අවධාරණය කර ඇත්තේ  යුක්තිය සහ වගවීම, දිවි ගලවා ගත් අයගේ මානසික සෞඛ්‍යය, ගෞරවය සහ සුවය ලැබීමෙන් වෙන් කර දැක්විය නොහැකි බව උපදේශනයෙන් පෙන්නුම් කෙරෙන බවයි.


“එමගින් විශ්වසනීය ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයන්, නොනැසී සිටින්නන් කේන්ද්‍ර කරගත් පුළුල් වන්දි ක්‍රමයක් සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සඳහා තිරසාර මනෝ සමාජීය සහයෝගය සඳහා වන කඩිනම් අවශ්‍යතාවය ඉස්මතු කරයි.”

ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින උල්ලංඝනයන් කෙරෙහි තිරසාර අවධානයක් පවත්වා ගැනීමටත්, දණ්ඩ විමුක්තිය සහ ප්‍රතික්ෂේප කිරීම අවසන් කිරීමටත්, අඛණ්ඩ මර්දනය හමුවේ නිහඬතාවය බිඳීමට ධෛර්යයෙන් කටයුතු කරන නොනැසී සිටින අයගේ හඬ පුළුල් කිරීමටත්, ITJP විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, සාමාජික රටවල් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී.

ලන්ඩනයේ පවත්වන ලද ප්‍රවිචාරණයේ අවස්ථා දක්වන  ITJP වීඩියෝවක් මතු පළවේ.

P 101

P 102

P 103

 P 104

P 105

P 106

P 107

P 108

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...