The Leader News
BREAKING
Top Ad
පුවත්

රිය අනතුරුවලින් වැඩිපුරම මියයන්නේ යතුරුපැදිකරුවන්

T

The Leader Desk

January 16, 2026 • 4:42 AM

රිය අනතුරුවලින් වැඩිපුරම මියයන්නේ යතුරුපැදිකරුවන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාරක රිය අනතුරු 25,704කින් ‍මෙම මරණ සිදුව ඇති බව පොලිස් සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.
  • වසරේ සිට 2025 දක්වා වූ දස වසර තුළ පොලීසියට වාර්තා වී ඇති රිය අනතුරු ගණන 248,026කි.
  • මෙම දස වසර තුළ වැඩිම මාරක රිය අනතුරු ගණනක් සිදුව ඇත්තේ 2017 වසරේදීය.
  • එහිදී මියගොස් ඇති ගණන 3154 දෙනෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):


* මාරක රිය අනතුරු 25,704කින් ‍මෙම මරණ සිදුව ඇති බව පොලිස් සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

2016 වසරේ සිට 2025 දක්වා වූ දස වසර තුළ පොලීසියට වාර්තා වී ඇති රිය අනතුරු ගණන 248,026කි.

මහ මඟ සිදුවන සෑම රිය අනතුරක්ම පොලීසියට වාර්තා කිරීම මෝටර් රථ පනතේ විධිවිධානයන්ට අනුව අනිවාර්ය වුවත් ඇතැම් රක්ෂණ සමාගම් විසින් රිය අනතුරු සම්බන්ධයෙන් රක්ෂණය ගෙවීමේදී අනුගමනය කරන ක්‍රමවේදයන් හේතු‍වෙන් මාරක සහ බරපතළ තුවාල සිදු නොවන බොහෝ අනතුරු පොලීසියට වාර්තා නොවන තත්වයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම දස වසර තුළ වැඩිම මාරක රිය අනතුරු ගණනක් සිදුව ඇත්තේ 2017 වසරේදීය. එම ගණන 2949කි. එහිදී මියගොස් ඇති ගණන 3154 දෙනෙකි. දස වසර තුළ වැඩිම පිරිසක් මියගොස් ඇත්තේද 2017 වසරේදීය.

2017 වසරින් පසු මාරක රිය අනතුරුවල ක්‍රමික අඩුවීමක් සිදුව ඇතත් 2025 වසර තුළ මාරක රිය අනතුරුවල වැඩිවීමක් සිදුව ඇතැයි ද සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනීයයි.

2025 වසර තුළ සිදුව ඇති මාරක රිය අනතුරු ගණන 2597කි. එම අනතුරුවලින් මියගොස් ඇති ගණන 2746 දෙනෙකි. වසර 05කට පසු වැඩිම මාරක රිය අනතුරු ගණනක් රට තුළ සිදුව ඇත්තේ 2025 වසර තුළ බවද සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී ‍ෙපනී යයි.

1977 වස‍රේදී මාරක රිය අනතුරු 811ක්, රට තුළ සිදුව ඇති අතර මියගොස් ඇති ගණන සටහන් වන්නේ 811 දෙනෙක් ලෙසිනි. එම වසරේදී සිදුව ඇතැයි පොලීසියට වාර්තා වී ඇති රිය අනතුරු ගණන 15,297කි. 1980 වසරේදී මාරක රිය අනතුරු 1038ක් සිදුව ඇති අතර මියගොස් ඇති ගණනද සටහන්ව ඇත්තේ 1038ක් ලෙසිනි. එම වසර තුළ සිදුව ඇතැයි පොලීසියට වාර්තා වී ඇති රිය අනතුරු ගණන 23,711කි.

මෙතෙක් ඉතිහාසයේ වැඩිම රිය අනතුරු ගණනක් පොලීසියට වාර්තා වී ඇත්තේ 2003 වසරේදීය. එම ගණන 59,444කි. එම වසරේදී මාරක රිය අනතුරු 1933ක් සිදුව ඇති අතර මියගොස් ඇති ගණන 2096 දෙනෙකි.

රිය අනතුරුවලින් වැඩි පිරිසක් මිය යන්නේ යතුරුපැදිකරුවන්ය. ගෙවුණු දස වසර තුළ යතුරුපැදිකරුවන් 9000කට වැඩි පිරිසක් මාරක රිය අනතුරුවලින් මියගොස් ඇත.

දෙවැනියට වැඩිපුරම මියයන්නේ පදිකයන්ය. මේ කාලය තුළ පදිකයන් 8000කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.

තෙවැනියට වැඩියෙන්ම මියයන්නේ රියැදුරන් සහ වාහනවල ගමන් ගන්නා මගීන්ය. ගෙවුණු දස වසර තුළ මගීන් 3000කට වැඩි පිරිසක්ද රියැදුරන් 3000කට වැඩි පිරිසක්ද මියගොස් ඇත.

( dinamina | ගයාන් කුමාර වීරසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...