The Leader News
BREAKING
Top Ad
පුවත්

ඩුබායිහි සැඟව සිටි 'සංවිධානාත්මක අපරාධකරුවන්' දෙදෙනෙකු සහ සැකකාර කතක් මෙරටට ගෙනෙති

T

The Leader Desk

January 16, 2026 • 5:44 AM

ඩුබායිහි සැඟව සිටි 'සංවිධානාත්මක අපරාධකරුවන්' දෙදෙනෙකු සහ සැකකාර කතක් මෙරටට ගෙනෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.
  • මෙම පිරිස එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් මොවුන් දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිසි අධිකාරි එෆ්.
  • ඔහු කදාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වන්නෙකි.
  • එමෙන්ම ඇල්පිටියේ සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ඌරගහ ඉන්දික නැමැති අපරාධකරුගේ සමීපතමයෙකු වන රවීන් චමින්ද වීරසිංහ හෙවත් පුංචා නැමැත්තා ද දිවයිනට රැගෙන ආ පිරිස අතර සිටින බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

මෙම පිරිස එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් මොවුන් දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිසි අධිකාරි එෆ්. යු වුට්ලර් සඳහන් කළේය.

දිවයිනට රැගෙන ආ සැකකරුවන් අතර හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සමීර මනහරට කඳානේදී වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවූ බවට සැකකෙරෙන රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජි නැමැත්තාගේ ප්‍රධානම ගෝලයා වන කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී නැමැත්තා ද සිටින බව සඳහන්වේ. ඔහු කදාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වන්නෙකි.

එමෙන්ම ඇල්පිටියේ සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ඌරගහ ඉන්දික නැමැති අපරාධකරුගේ සමීපතමයෙකු වන රවීන් චමින්ද වීරසිංහ හෙවත් පුංචා නැමැත්තා ද දිවයිනට රැගෙන ආ පිරිස අතර සිටින බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කිරීම, කප්පම් ගැනීම, මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සදහා චෝදනා ලැබූවන් වේ.

මීට අමතරව මුදල් වංචා කිරීමක් සම්බන්ධ පොලිස් විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි හේවා කසකාරගේ රුජා නිශාමනී ද සිල්වා ද මෙසේ අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...