විජය පුවත්පත් සමාගමේ හිටපු අධ්‍යක්ෂ සහ කර්තෘ මණ්ඩල ප්‍රධානී, 'ලංකාදීප' හිටපු ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ ගේ සුරතින් වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත විය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංජිත් ආනන්ද ජයසිංහ ගේ ප්‍රධාන කර්තෘත්වයෙන් ක්‍රියාත්මක වන 'ලංකාලෝකය' වෙබ් අඩවිය, අතීතයේ පැවති යහපත් මාධ්‍ය සම්ප්‍රදාය නවීන තාක්ෂණය සමඟ බද්ධ කරමින් සත්‍යගරුක පුවත් වාර්තාකරණයක නව යුගයක් සනිටුහන් කරනු ඇත.






