The Leader News
BREAKING
Top Ad
පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ - අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

T

The Leader Desk

January 16, 2026 • 3:48 PM

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ - අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවත අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් සමග අද (16) පැවැති සාකච්ඡාවට එක්වෙමින් මාදම්පේ සෙඩෙක් (SEDEC) ආයතන ශාලාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
  • මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන්ගේ සංවිධානාත්මක කැපවීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාකූල කිරීමට උත්සාහ කරන පිරිසගේ අභිප්‍රායන් අභිබවා යන්න තරම් ශක්තිමත් බව මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි.
  • වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තාවකාලිකව අත්හිටුවීම මගින් අසාධාරණයට ලක්වූ සිසුන් හට ඉක්මනින්ම සාධාරණයක් ඉටුකිරීමට අපි කටයුතු කරනවා.
  • අබේරත්න, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඇතුළු පිරිසක් සහ විදුහල්පතිවරුන් ද, මහා සංඝරත්නය හා කතෝලික පියතුමන්ලා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවත අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් සමග අද (16)  පැවැති සාකච්ඡාවට එක්වෙමින්  මාදම්පේ සෙඩෙක් (SEDEC) ආයතන ශාලාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.  

රජය මේ රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්කගත ව තිබූ බවත්, එවැනි සමාජීය පරිවර්තන සිදුකිරීමේදී සුළුතර පිරිසකගෙන් ප්‍රතිවිරෝධතාවන් මතුවිය හැකි බවත්, කෙසේ වුවද ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක්  තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එහිදී පැවසුවාය.

මෙහිදී පාසල් 176 කින් සහ සිසුන් 76,000 ක පමණ ප්‍රමාණයකින් සමන්විත හලාවත කලාපය පිළිබඳ කෙටි හැඳින්වීමක් හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය විසින් සිදුකෙරුණු අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දියත් කිරීම සඳහා වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකළ මෙහෙය අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කෙරිණි.

ඊට අමතරව මෙහිදී පැමිණ සිටි අධ්‍යාපන නිලධාරීන් සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර, එහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් දියත් කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා වන සුදානම පිළිබඳ  අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු කෙරිණ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 


ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති සුරැකෙන සේ යම්කිසි රාමුවක් තුළ සිදුකළ යුතුයි
වැරදි හඳුනා ගෙන ඒවා නිරාකරණය කරමින් යන නව අධ්‍යාපන ක්‍රමවේදයේදී, ළමයාට තාක්ෂණය හඳුන්වා දීම, ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති සුරැකෙන සේ යම්කිසි රාමුවක් තුළ සිදුකළ යුතුයි.

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී  පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන්ගේ සංවිධානාත්මක කැපවීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාකූල කිරීමට උත්සාහ කරන පිරිසගේ අභිප්‍රායන් අභිබවා යන්න තරම් ශක්තිමත් බව මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි.

 වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වූ වැඩිම අයවැය මුදල් වෙන්කිරීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදුවුණා. පාසල් අතර පවතින ඩිජිටල් අසමානතාවය හා යටිතල පහසුකම් ගැටලු තුරන් කිරීම සඳහා මේ වනවිට  අදාළ ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවෙමින් පවතිනවා.

6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තාවකාලිකව අත්හිටුවීම මගින් අසාධාරණයට ලක්වූ සිසුන් හට ඉක්මනින්ම සාධාරණයක් ඉටුකිරීමට අපි කටයුතු කරනවා.  පරිවර්තනීය වෙනසක් කරා අධ්‍යාපනය රැගෙන යන මෙම ගමනේදී ඒ සඳහා ජනතාවගේ පිළිගැනීම අතිශය වැදගත් යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මේ අවස්ථාව සඳහා වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් බී.එම්.සී.කේ. වන්නිනායක, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ නිලධාරීන්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඇතුළු පිරිසක් සහ විදුහල්පතිවරුන් ද, මහා සංඝරත්නය හා කතෝලික පියතුමන්ලා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ. 
 

 xfgdfbdfg

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...