ප්‍රතිකාර සඳහා මේවනවිට රාගම රෝහලට යොමුකර ඇත.
රාගම සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ විශේෂ අධීක්ෂණය යටතේ ඔහුව එම රෝහලේ දැඩි සත්කාරක ඒකකයට ඇතුලත් කර තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ඔහුවෙත සුවිශේෂී සහයෝගයක් ලබාදෙමින් සිටිනබව වාර්තාවේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද පස්වරුවේ නන්දන ගුණතිලකගේ ගේ සුවදුක් බැලීම සඳහා රාගම රෝහලට ගොස් තිබිණ.
නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු හා පාලක ලේකම්වරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළේය. ඔහු 2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ද ඉදිරිපත්විය.




