කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඒ මහතා 63 වියේ පසුවිය.
කලක් ජනතා විමුක්ති පෙරමුණේ පාලක ලේකම්වරයා වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයටද ඉදිරිපත් විය.
එමෙන්ම එම පක්ෂය නියෝජනය කරමින් පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයන්ද හෙබවීය.
ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අතර එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයටද පත්විය.
තමා මියගිය පසු තම දේහය වෛද්‍ය පිඨයට ලබාදෙන ලෙස නන්දන ගුණතිලක මහතා ඉල්ලීමක් කරතිබූ බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි.
නන්දන ගුණතිලක 1999-12-13 ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස




