වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩා, බී.එම්. දීපාල් ගුණසේකර සහ සමන්සිරි හේරත් යන අය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ පියසෝම උපාලි සහ උපාලි අමරසිරි යන හිටපු මන්ත්‍රීවරු විසිනි.
නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හිටපු අමාත්‍යවරයකු වූ නන්දන ගුණතිලක සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල දැඩි ආවේගයෙන් යුතුව අදහස් දක්වා තිබිණ. දේශපාලනිකව වෙනස් මත හේතුවෙන් වෙන්ව යන අයගේ ආදායම් මාර්ගය අහිමි කර විනාශ කිරීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට මියැදෙන්නට පෙර ඔහු අවධාරණය කර තිබිණ.
මුලාශ්‍රය :
| adaderan
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්
T
The Leader Desk
January 18, 2026 • 10:18 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
- දීපාල් ගුණසේකර සහ සමන්සිරි හේරත් යන අය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
- අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ පියසෝම උපාලි සහ උපාලි අමරසිරි යන හිටපු මන්ත්‍රීවරු විසිනි.
- නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



