The Leader News
BREAKING
Top Ad
පුවත්

නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු සිදුවන ආකාරය

T

The Leader Desk

January 18, 2026 • 10:27 AM

 නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු සිදුවන ආකාරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 21 වන බදාදා සවස 4.00 ට වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකෙරෙන බව පවුලේ ඥාතීන් පවසති.
  • දේහය මහජන ගෞරවය සඳහා 19 වන සදුදා උදෑසන 10.00 සිට සවස 4.00 දක්වා පානදුර නගර සභාවේ තැන්පත් කර තැබේ.
  • අනතුරුව 19 වන සදුදා සවස 6.00 සිට 21 වන බදාදා සවස 3.00 දක්වා වාද්දුව YMBA ශාලාව තුල තැන්පත් කරනු ඇත.
  • දේහය පිළිබඳව අවසන් කටයුතු 21 වන බදාදා සවස 4.00 ට වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 21 වන බදාදා සවස 4.00 ට වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකෙරෙන බව පවුලේ ඥාතීන් පවසති.

දේහය මහජන ගෞරවය සඳහා 19 වන සදුදා උදෑසන 10.00 සිට සවස 4.00 දක්වා පානදුර නගර සභාවේ තැන්පත් කර තැබේ.

අනතුරුව 19 වන සදුදා සවස 6.00 සිට 21 වන බදාදා සවස 3.00 දක්වා වාද්දුව YMBA ශාලාව තුල තැන්පත් කරනු ඇත.  

දේහය පිළිබඳව අවසන් කටයුතු 21 වන බදාදා සවස 4.00 ට වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.

විඳුම් විඳවුම් මැද නන්දනගේ චාරිකාව

 

1962 වර්ෂයේ සැප්තැම්බර් මස 07වන දින පානදුරේ දී උපත ලැබු නන්දන දිවි සැරියෙන් සමුගන්නා විට ඔහු 63 වියේ පසුවිය. 

ඔහුගේ අභාවයෙන් පසුව මාධ්‍ය ඔස්සේ ඔහුගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් පලවී ඇති අතර 'ලංකාලෝකය' වෙබ් පුවත්පතේ පලවී ඇති චමිඳු නිසල් ද සිල්වා විසින් රචිත සටහනක් මතු පළවේ.

 
ශ්‍රී ලංකේය දේශපාලන ඉතිහාසයේ අතිශය තීරණාත්මක යුගයන් කිහිපයකම සක්‍රිය සාක්ෂිකරුවකු වූ නන්දන ගුණතිලක මහතාගේ අභාවය, එක්තරා දේශපාලන පරිච්ඡේදයක නිමාව සනිටුහන් කරයි. සන්නද්ධ අරගලයේ සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දක්වාත්, ඉන් අනතුරුව විවිධ දේශපාලන මාවත් ඔස්සේත් ගලා ගිය ඔහුගේ ගමන් මඟ අතිශය සංකීර්ණ මෙන්ම විවෘත සංවාදයට බඳුන් වූවකි.


සන්නද්ධ අරගලය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය
 
8346012
 
1962 සැප්තැම්බර් මස 07 වන දින පානදුරේ දී උපත ලැබූ නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන සාමාජිකයකු ලෙස සක්‍රීය දේශපාලනයට පිවිසියේය. 88-89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයකු ලෙස කටයුතු කළ ඔහු, පසුව එම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට රැගෙන ඒම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. 1994 ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින්, පක්ෂය කෙරෙහි තිබූ “භීෂණයේ ප්‍රතිරූපය” වෙනස් කරමින් මහජන අවකාශය තුළට ගෙන ඒමට ඔහු සමත් විය.

ඉතිහාසය පිළිබඳ ස්වයං විවේචනය

ඔහුගේ දේශපාලන දිවියේ අවසන් භාගයේදී ඔහු දැරූ වඩාත් ආන්දෝලනාත්මක ස්ථාවරය වූයේ 87-90 යුගයේ සිදු වූ සිදුවීම් පිළිබඳවයි. එවක ඔවුන්ගේ ප්‍රධාන සතුරා වූ එක්සත් ජාතික පක්ෂය සමඟ ඔහු අවසන් කාලයේ අත්වැල් බැඳ සිටියේය. ඒ අනුව වත්මන් රජය බටලන්ද කොමිසම් වාර්තාව පිළිබඳව යළි අවධානය යොමු කරද්දී, නන්දන ගුණතිලක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. “87-90 ජවිපෙන් කළ සියලු ඝාතනවලට මා ඇතුළු එවකට අවි දැරූ සියල්ලන්ට දඬුවම් කරනු!” එය යුද්ධයක ස්වභාවය පිළිබඳ ඔහු දැරූ යථාර්ථවාදී, එමෙන්ම ස්වයං විවේචනාත්මක දැක්මකි.

දේශපාලන සංක්‍රාන්ති
 
Nandana
ජවිපෙ ප්‍රධාන ලේකම් ධුරය ඇතුළු ප්‍රධානතම තනතුරු දැරූ ඔහු, පසුව ජාතික නිදහස් පෙරමුණ හරහා එක්සත් ජාතික පක්ෂය දක්වා විසල් දේශපාලන චාරිකාවක නිරත විය. මෙම දේශපාලන ගමන් මඟ යොවුන් වියේ ඔහුගේ දේශපාලනයට ඉඳුරාම වෙනස් වූවකි. පක්ෂ පාට මතවාද කඳවුරු හරහා ඔහු ගිය දේශපාලන චාරිකාව පිළිබඳ විවේචන බොහෝය. එහෙත් එය ඔහුගේ අභිමතයයි.

එම ගමන ශ්‍රී ලාංකේය දේශපාලනය කියවාගන්නෙකුවට විචිත්‍රවත් චාරිකාවකි. මෙම කාලය පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, අමාත්‍යවරයකු මෙන්ම පානදුර නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කරමින් ඔහු පාලන තන්ත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලැබීය.

මව් දේශපාලන කඳවුර බලයට පැමිණීම

මාලිමා ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ පැන නැගුණු “අවුරුදු 76 ක ශාපය” යන දේශපාලන සටන් පාඨයට එරෙහිව ඔහු ප්‍රබල මතයක් දැරීය. නිදහසින් පසු රට ලැබූ භෞතික හා සමාජීය සංවර්ධනය (සෞඛ්‍යය, අධ්‍යාපනය, විදුලිය) හෑල්ලුවට ලක් නොකළ යුතු බවත්, හොරකම් කළ පුද්ගලයන්ට දඬුවම් කිරීම සහ රටේ දියුණුව පිළිගැනීම යන කරුණු දෙකම එකවර සිදුවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත් වසර ගණනාවක් ජීවිතය කැප කර සිය දේශපාලන කඳවුර බලයට පැමිණෙන විට, ඔහු විතැන් වී වෙනත් දේශපාලන මාවතක් තෝරාගෙන තිබුණි. බැලූ බැල්මටම එය දේශපාලන ඛේදවාචකයක් විය. එහෙත් එම සියලු තෝරා ගැනීම් ඔහු විසින් සිය අභිමතය පරිදි සිදු කරනු ලැබූ ඒවා වූයේය.
 



අවසාන දේශපාලන හඬ

ඔහුගේ අවසන් කාලසීමාවේදී මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම වැනි තීන්දු සම්බන්ධයෙන් ද ඔහු සිය අප්‍රසාදය පළ කළේය. තමන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපෙන් බවත්, එම වැටුප අහෝසි කළහොත් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි සූදානම් බවත් ඔහු කීය. තමා නිවැරදි යැයි විශ්වාස කළ දේ වෙනුවෙන් ඕනෑම පාර්ශ්වයකට එරෙහිව හඬ නැගීමේ නිර්භීතකම ඔහු සතු විය.

නන්දන ගුණතිලක යනු දේශපාලනඥයකුට වඩා, මෙරට දේශපාලන පරිච්ඡේදයකි. ඔහුගේ නික්ම යන කනිසමේ මෙරට දේශපාලන ඉතිහාසයට ඉතිරි කර යන පාඩම් රැසකි.

(චමිඳු නිසල් ද සිල්වා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...