ආරක්ෂා කිරීම සුරක්ෂිත කිරීම හා රැක ගැනීම සිදු කිරිමත් සෙසු ආගම් හා සංස්කෘතීන්ට නිශ්චිත නියමිත ආරක්ෂාව හා රැකවරණය ලබා දී ඇති බවත් සෑම විටම මේ රට සෛරීත්වය භෞමික අඛණ්ඩතාව ඒකීයභාවය රැක ගනිමින් සහෝදරත්වය සංහිදියාව ප්‍රවර්ධනය වන වැඩපිළිවෙළක් සැවොම ක්‍රියාත්මක කර ඉදිරියට ගෙන යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එහෙත් පසුගිය දිනක ජනාධිපතිවරයා ප්‍රකාශ කරන කරුණක් ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර ඉන් ඔබ්බට ඇති ආගමික සිද්ධස්ථානය වන්දනා මානය කිරීම වෛරය ඇති කරන සිදුවීමක් බවත් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයේ තරයේ හෙළා දකින බවත් රට පුරා විහිදී ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා කිරීමේ අයිතිය ඇති බවත් ඒවා සිදු වන්නේ වෛරය මුල් කර ගෙන නොවන බවත් සොලොස්මස්ථාන වන්දනාමාන කරන විට අප රටෙ විහිදී ඇති බොහෝ ප්‍රදේශවලට යන්න ජනතාව පෙළඹෙන බවත් ආගම් භේදයෙන් තොරව බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා කරන බවත් උතුරේ සිට කැබිලිත්ත වන්දනා කරන්න එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ක්‍රිස්තියානි කතෝලික සිද්ධස්ථාන පවා වන්දනා කරන මොහොතක ආගමික කටයුතුවල නිරතවන විට කිසිදින වෛරය මුදුන් පත් වනවා යැයි නොසිතන බවත් සෑම කොටසකම කුඩා අන්තවාදී කොටස් සිටින බවත් ඔවුන්ට තැනක් නොමැති බවත් බුදුදහමට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමන කරන ජනතාව සිටින අප රට තුළ අන්තවාදයට තැනක් නැති බවත් අන්තවාදය නිර්මාණය වන මෙවැනි ප්‍රකාශද සිදු නොවිය යුතු බවත් ප්‍රදේශය පළාත කුමක් වුවත් ආගම් කටමහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවබෝධ කර ගත යුතු බවත් බුද්ධ ශාසනයට ලබා දී ඇති සුවිශේෂී තැන හා ප්‍රමුඛස්ථානයට පටහැනි ප්‍රකාශ සිදු නොකළ යුතු බවත් සෙසු ආගම් හා සංස්කෘතිය ද රැකගත යුතු බවත් මේ එකමුතුභාවය සංහිදියාව සුරක්ෂා වන ලෙස කටයුතු කළ යුතු බවත් ඒ තුළින් සුරක්ෂිත රටක් බිහි වන බවත් මේ හරහා ජාතික ආරක්ෂාව තහවුරු වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රටේ බෙදීම්වලට මුල්වන කරුණු ඉස්මතු නොකළ යුතු බවත් කුඩා කාලයේ සිටම සියලු ආගම්වලට ගරු කරන ලෙස දෙමාපියන් උගන්වා ඇති නිසා ඒවාට ගරු කළ යුතු බවත් මේවා මුල් කර ගෙන සමාජ වෛරයක් නිර්මාණය කර දේශපාලනය තුළ රැකිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති අනුර යාපනයේදී කිව්වේ මොකක්ද ?
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 16 ද යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ, කිසිදු ජාතිවාදී ප්‍රවණතාවකට යළි අපේ රටේ හිස එසවීමට ඉඩ නොදෙන බවයි.
''මම දන්නවා තැනින් තැන සුළි කැරකෙනවා. පෝයට සිල් ගන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර යාපනයට එනවා. එතන තිබෙන්නේ සීලය නොවෙයි, වෛරය.
ඒ වගේම සෑම පෝයකටම ගිහින් ඒ පන්සල ළග වට වෙනවා. ඉඩම් වෙනුවෙන් නොවෙයි, ජාතිවාදය වෙනුවෙන්. මම අපේ බුද්ධි අංශවලට උපදෙස් දුන්නා හොයලා බලන්න කියලා, ඒ හැම පෝයකටම ඇවිල්ලා එතන කෑ ගහන කාගේ හරි ඉඩමක් එතන තියෙනවද කියලා.
ඒ නිසා බලය අහිමි වී තිබෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා කුඩා තැන්වල යළි ජාතිවාදය ඔසවන්න උත්සාහ කරනවා. ඒ කිසිදු ජාතිවාදී ප්‍රවණතාවකට යළි අපේ රටේ හිස එසවීමට අපි ඉඩ දෙන්නේ නැහැ.'' යයි ජනාධිපතිවරයා එහිදී පැවසිය.
එහිදී ඔහු තවදුරටත් මෙසේද පැවසිය.
''සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා සහෝදරත්වයෙන් ජිවත්වන හොඳ රටක් අපිට අවශ්‍යයි. දශක ගණනාවක් අපි වෛරයෙන්, ක්‍රෝධයෙන් ජීවත් වුණා. අපිට කිසිවක් ලැබුණේ නැහැ. යුද්ධය නිසා උතුරේත්, දකුණේත් දෙමාපියන්ගේ දරුවන් අහිමි වුණා. එහි අවසාන ශේෂ පත්‍රය මහා ව්‍යසනයක්. ඒ නිසා යළි ගැටුම් අති නොවන සහෝදරත්වයෙන් සහ ළෙංගතුකමින් ජීවත්වන ජාතියක් අපි ගොඩනැගිය යුතුයි. ඒ නිසා කිසිදු තැනක, කිසිදු ආකාරයක ජාතිවාදයට යළි නැගිටීමට අපි ඉඩ දෙන්නේ නැහැ.
අපිට අවශ්‍ය ජනතාව ගහගන්න රටක් නොවෙයි. අපිට අවශ්‍ය සහෝදරත්වයෙන් ජීවත්වන රටක්. අපිට අවශ්‍ය අනෙකා කෙරෙහි සැකයෙන් බලන තරුණයන් නොවෙයි. අනෙකා කෙරෙහි ආදරයෙන්, විශ්වාසයෙන් බලන තරුණයින් අපිට අවශ්‍යයි. අපි ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් ගනිමින් තිබෙනවා. පළමුව හොඳ ආර්ථික ශක්තියක් ඇති කළ යුතුයි. ක්‍රීඩාවට සමාන අවස්ථා නිර්මාණය කර දිය යුතුයි. සාහිත්‍යයට, කලාවට, චිත්‍රපටියට මේ යාපනයේ අලුත් තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි. අනෙකා කෙරෙහි වෛරයෙන් බලන මනස ඉවත් කළ යුතුයි. තෙතමනය ඇති සහ අනෙකා කෙරෙහි සහකම්පනය සහිත සමාජයක් ඇති කළ යුතුයි.
ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය කිසි ලෙසකින් බිඳ වැටීමට ඉඩ නොතබන බවට මා ඔබට සහතික වෙනවා. ඔබ පළමු වතාවට ආණ්ඩුවක් කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. මීට පෙර උතුරේ තිබුණු මතය වූණේ දකුණේ සිංහල ආණ්ඩුවක් තිබෙනවා, උතුරේ අපිට දෙමළ ආණ්ඩුවක් ඕනේ කියලා කිව්වා. දකුණේ තිබුණ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් කියලා උතුරේ ජනතාවට දැණුනේ නැහැ.
හැබැයි මම ඔබට එකක් කියන්නම් දකුණේ තිබුණ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් කියලා දකුණේ ජනතාවට දැණුනෙත් නැහැ. උතුරට විතරක් නෙවෙයි, දකුණටත් ඒවා ආණ්ඩු නෙවෙයි. ඉතා සීමිත පවුල් කිහිපයක් වෙනුවෙන් හදපු ආණ්ඩු. තමන්ගේ මිතුරන් වෙනුවෙන් හදපු ආණ්ඩු. ඥාතීන් වෙනුවෙන් හදපු ආණ්ඩු. අද ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හැදිලා තිබෙනවා. අද උතුරේ ඔබ මෙන්ම දකුණේ ජනතාවත් තමන්ගේ ආණ්ඩුවක් ලෙස අපිව විශ්වාස කරනවා. ඒ නිසා අද උතුරේ, දකුණේ, නැගෙනහිර සිංහල මුස්ලිම් දෙමළ සියලු දෙනාගේ ගෞරවයට ලක් වු ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා. එය වැදගත් හැරවුමක්. සැකයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් අපිට ඉදිරියට යන්න බැහැ. අපි අතර විශ්වාසය තිබිය යුතුයි. ඒ නිසා අපි සියලුදෙනා එක්ව හොඳ රටක් ගොඩනඟමු කියා මම ඔබට ආරාධනා කරනවා.
අපි විශාල මුදල් ප්‍රමාණයක් ගමේ සංවර්ධනය සඳහා මේ අයවැය ලේඛනයෙන් වෙන් කර තිබෙනවා. ඒවා වැය කිරීමට ලැබෙන්නේ ඔබ වැඩ කළොත් පමණයි. මේ උතුරු පළාතේ ගම්වල පාරවල් හදන්න අපි පසුගිය වසරේ රුපියල් මිලියන 5,000ක් වෙන් කළා. හැබැයි ඇතැම් ප්‍රතිපාදන ආපසු ආවා. මේ වසරේත් විශාල මුදල් ප්‍රමාණයක් ගම්වල සංවර්ධනයට ලබා දී තිබෙනවා. ඒ මුදල් වැය කරමින් ගමේ ජනතාවට අවශ්‍ය පහසුකම් අ ලබා දෙන්න මැදිහත් වෙන්න කියා මම ඉල්ලනවා. ඒ තුළින් අපේ රටේ ජනතාවගේ ජීවිත ඉතා වේගයෙන් ඉහළට ගෙන යා හැකියි.




