The Leader News
BREAKING
Top Ad
පුවත්

'දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කරනවා' - අගමැතිනිය කියයි

T

The Leader Desk

January 18, 2026 • 5:05 PM

'දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කරනවා' - අගමැතිනිය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම හා ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීමට සමගාමීව ජනවාරි 17 දින මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි පුත්තලම වේලාසිය රජයේ විද්‍යාලයේදී අගමැතිනිය මේ බව සදහන් කළාය.
  • පාසල් අතර තිබෙන තාක්ෂණික අසමානතා ඉවත් කරමින් සියලු දරුවන් අපේ දරුවන් සේ සලකා දරුවන් අතර තිබෙන අධ්‍යාපනික මෙන්ම සමාජීය පරතරයන් ද ඉවත් කිරීම සඳහා රජයක් ලෙස අපි කටයුතු කරන්න සූදානම්.
  • අපි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පවතින අධ්‍යාපන අසමානතාව ඉවත් කිරීමට කටයුතු කරනවා.
  • දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් අපි නිර්මාණය කරනවා.ගුණාත්මක අධ්‍යාපනයේ අවශ්‍යතාව වටහා ගනිමින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට දෙමාපියන් කරන කැපකිරීම අගය කරන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම හා ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීමට සමගාමීව ජනවාරි 17 දින මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි පුත්තලම වේලාසිය රජයේ විද්‍යාලයේදී අගමැතිනිය මේ බව සදහන් කළාය.

වෙලාසිය විද්‍යාලයට කලක සිට  වශ්‍යව පැවති ගුරු නේවාසිකාගාර ගොඩනැඟිල්ල ස්ථාපනය කිරීම සඳහා මුල්ගල තැබීම අග්‍රාමාත්‍යවරිය අතින් මෙහිදී  සිදු කෙරිණි.

 සමස්ත ලංකා සම්මාන ලැබූ විද්‍යාලයේ සිසුන් අගයමින් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදි සිදු විය.  

WhatsApp Image 2026 01 18 at 2.24.41 PM
 අනතුරුව  අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසුවාය..

පාසල් වර්ගය, පාසලේ ප්‍රමාණය, පාසල අයත් වන ප්‍රදේශය අනුව අධ්‍යාපනයේ මට්ටම තීරණය වූ කාලය අවසන්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල්වලට තාක්ෂණික උපාංග ලබා දෙමින් සිසුන් තාක්ෂණික අධ්‍යාපන රටාවකට හුරුකිරීමේදී ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති මත එය ක්‍රියාවට නංවන්න කටයුතු කරනවා.  ඒ සඳහා වන ගුරු පුහුණු තුළින් ගුරුවරුන් ඒ සම්බන්ධව දැනුවත් කරන්න කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරනවා.

 පාසල් අතර තිබෙන තාක්ෂණික අසමානතා ඉවත් කරමින්  සියලු දරුවන් අපේ දරුවන් සේ සලකා දරුවන් අතර තිබෙන අධ්‍යාපනික මෙන්ම සමාජීය පරතරයන් ද ඉවත් කිරීම සඳහා රජයක් ලෙස අපි කටයුතු කරන්න සූදානම්.

අප රටේ දෙමාපියන් අධ්‍යාපනයේ වටිනාකම දන්නවා. ඔවුන් ඔවුන්ගේ සියලු සම්පත් කැප කරන්නේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට. අපි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පවතින  අධ්‍යාපන අසමානතාව ඉවත් කිරීමට කටයුතු කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙමින් දරුවන්ට සුවදායී හෙටක් නිර්මාණය කිරීම  සඳහා දෙමාපියන්  ගන්නා උත්සාහයට එය  උදව්වක් වෙයි කියා මම සිතනවා.


WhatsApp Image 2026 01 18 at 2.24.37 PM
පැවති අධ්‍යාපනයට අනුව දුෂ්කර පළාත්වල පාසල්  සිසුන්ගේ අධ්‍යාපනය රැකී තිබුණේ එම පාසල්වල සිටින ගුරුවරුන්ගේ දක්ෂතා මත පදනම්වයි. නමුත් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ඔස්සේ ගමේ සහ නගරයේ පාසල්වල පවතින වෙනස නැති කරමින් දුෂ්කර පාසල් කියා පාසල් ආමන්ත්‍රණය කිරීමේ සම්ප්‍රදාය නවත්වනවා.

රජයේ නව ජාතික ප්‍රතිපත්තියට අනුව ඉදිරියේදී ගොඩනැඟෙන රට සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා සහිත දරුවන් අවශ්‍යයි. ඊට අවශ්‍ය  මානව සම්පත නිර්මාණය කිරී⁣ම වෙනුවෙන් අවශ්‍ය  ප්‍රතිපාදන වෙන් කිරීම් සිදුකර අවසන්.

දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් අපි නිර්මාණය කරනවා.ගුණාත්මක  අධ්‍යාපනයේ අවශ්‍යතාව වටහා ගනිමින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට දෙමාපියන් කරන  කැපකිරීම අගය කරන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මේ අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න, පුත්තලම දිස්ත්‍රික් නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වයඹ පළාත් අධ්‍යාපන ලේකම්තුමා ඇතුළු අධ්‍යක්ෂකවරුන් සහ පුත්තලම වේලාසිය රජයේ විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ගුරුවරුන් ඇතුළු දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කරනවා' - අගමැතිනිය කියයි | The Leader