The Leader News
BREAKING
Top Ad
පුවත්

විගණන වාර්තා නිකුත් කිරීම - විගණන විමසුම් යැවීම නතර වෙලා !

T

The Leader Desk

January 19, 2026 • 4:35 AM

 විගණන වාර්තා නිකුත් කිරීම - විගණන විමසුම් යැවීම නතර වෙලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම තනතුර මෙපමණ ලොකු කාලයක් පුරප්පාඩුව පවතින මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව ආරංචි මාර්ග සඳහන් කළේය.
  • රජයේ විගණකාධිපති තනතුර මාස දහයකට ආසන්න කාලයක් පුරප්පාඩුවී පැවතීමෙන් ජාතික විගණන කාර්යාලයේ වැඩ කටයුතු බොහොමයක් අඩපණව ඇතැයිද වාර්තාවේ.
  • මේ අනුව විගණන වාර්තා නිකුත් කිරීමද විගණන විමසුම් යැවීමද නතරවී ඇත.
  • මෙයට අමතරව දෙස් විදෙස් ආධාර ලබාදීම අධෛර්ය වීමේ අවදානමක්ද නිර්මාණයවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම තනතුර මෙපමණ ලොකු කාලයක් පුරප්පාඩුව පවතින මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව ආරංචි මාර්ග සඳහන් කළේය.

රජයේ විගණකාධිපති තනතුර මාස දහයකට ආසන්න කාලයක් පුරප්පාඩුවී පැවතීමෙන් ජාතික විගණන කාර්යාලයේ වැඩ කටයුතු බොහොමයක් අඩපණව ඇතැයිද වාර්තාවේ.

මේ අනුව විගණන වාර්තා නිකුත් කිරීමද විගණන විමසුම් යැවීමද නතරවී ඇත.

 මෙයට අමතරව දෙස් විදෙස් ආධාර ලබාදීම අධෛර්ය වීමේ අවදානමක්ද නිර්මාණයවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල් ආධාර උපකාර කරන්නේ විගණනය ශක්තිමත් රටවලට බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

 

මීට අමතරව විගණන කාර්යාලයේ උසස්වීම් සහ මාරුවීම් වැඩපිළිවෙලටද විගණකාධිපතිවරයකු නොමැතිවීමෙන් බාධා මතුව ඇත.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න පසුගිය අප්‍රේල් මස 8 වැනිදා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුර පුරප්පාඩු විය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල රජයේ විගණකාධිපති තනතුරේ වැඩ බැලීමට පසුගිය වසරේ අප්‍රේල් මස 09 වැනිදා සිට පත් කෙරිණ.

කෙසේ වෙතත් ඔහුගේ වැඩ බැලීමේ කාලයද පසුගිය දෙසැම්බර් මස 06 වැනිදායින් අවසන් විය. ධර්මපාල ගම්මන්පිල ජාතික විගණන කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර ඔහුගේ සේවා කාලය වසර තිහකට වැඩිය.

විගණකාධිපති ධුරයේ වැඩබැලීම කළ සමයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඔහු එම තනතුරට ස්ථිර කරන ලෙස වරක් දැනුම් දුන්නද එය සිදු නොවීය. අනතුරුව විගණන සේවා සංගම් සහ බහුජන සංවිධාන රැසක නියෝජිතයෝ ධර්මපාල ගම්මන්පිල එම තනතුරට ස්ථිර කරන ලෙස ජනාධිපතිවරයාට ලිපි යොමු කරමින් නොයෙක් වර ඉල්ලීම් කළහ.

මේ අතර කාලයේදී ජනාධිපතිවරයා රජයේ විගණකාධිපති තනතුර වෙනුවෙන් වරින් වර නම් හතරක් නිර්දේශ කළ නමුත් එම නම් හතරම ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව විසින් ඉවත දමනු ලැබීය.

රජයේ විගණකාධිපති තනතුරට ආයතනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත්කිරීම මේ දක්වාම කෙරුණු පිළිගත් ක්‍රමවේදය නමුත් මේ අවස්ථාවේදී එම ක්‍රමවේදය අනුගමනය කර නැතැයි විගණන සහ රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීහු චෝදනා කරති.

(lankadeepa | සුජිත් හේවාජුලිගේ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...