The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිසිය කියන ‘රතු නිවේදන අනූපහ’ ලොවෙත් නෑ !

T

The Leader Desk

January 19, 2026 • 10:02 AM

 පොලිසිය කියන ‘රතු නිවේදන අනූපහ’ ලොවෙත් නෑ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රතු නිවේදන නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍ය 196ක් සාමාජිකත්වය දරන ඉන්ටර්පොල් නමින් ප්‍රකට ජාත්‍යන්තර අපරාධ පිලිබඳ පොලිස් සංවිධානයයි.
  • ඔවුන් සඳහා රතු නිවේදන 95ක් මේ වනවිට නිකුත් කිරීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා” යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක FUK වුට්ලර් ඉකුත් සිකුරාදා (16) කොළඹදී ජනමාධ්‍ය හමුවේ කියා සිටියේය.
  • කෙසේ වෙතත්, ඉන්ටර්පොල් ආයතනය මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇති රතු නිවේදන 6484 අතරින් ශ්‍රී ලාංකිකයන් ඉන්නේ හය දෙනකු පමණකි.
  • “රතු නිවේදනයක් යනු පිටුවහල් කිරීමට, යටත් වීමට හෝ ඒ හා සමාන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත පුද්ගලයකු සොයා ගැනීමට සහ තාවකාලිකව අත්අඩංගුවට ගැනීමට ලොව පුරා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් කරන ඉල්ලීමකි.
අකුරු ප්‍රමාණය (Font Size):


රතු නිවේදන නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍ය 196ක් සාමාජිකත්වය දරන ඉන්ටර්පොල් නමින් ප්‍රකට ජාත්‍යන්තර අපරාධ පිලිබඳ පොලිස් සංවිධානයයි.

“මේ වන විටත් රටෙන් බැහැරව සිටින, සැඟව සිටින සහ විශේෂයෙන් විදේශගතව සිට ජාලගත අපරාධ මෙහෙයවන අපරාධකරුවන් මේ වනවිට රාශියක් අපි හඳුනාගෙන තියෙනවා. ඔවුන් සඳහා රතු නිවේදන 95ක් මේ වනවිට නිකුත් කිරීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා” යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක FUK වුට්ලර් ඉකුත් සිකුරාදා (16) කොළඹදී ජනමාධ්‍ය හමුවේ කියා සිටියේය.

 කෙසේ වෙතත්, ඉන්ටර්පොල් ආයතනය මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇති රතු නිවේදන 6484 අතරින් ශ්‍රී ලාංකිකයන් ඉන්නේ හය දෙනකු පමණකි.

 
“රතු නිවේදනයක් යනු පිටුවහල් කිරීමට, යටත් වීමට හෝ ඒ හා සමාන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත පුද්ගලයකු සොයා ගැනීමට සහ තාවකාලිකව අත්අඩංගුවට ගැනීමට ලොව පුරා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් කරන ඉල්ලීමකි. රතු නිවේදනයක් යනු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ ජාත්‍යන්තර වරෙන්තුවක් නොවේ,” යි ඉන්ටර්පොල් වෙබ් අඩවියේ දැක්වේ.

එම පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍යයයි ඉල්ලා සිටීමේ හැකියාව ඇත්තේ සාමාජික රටවලට හෝ ජාත්‍යන්තර විනිශ්චය සභාවලටය.

95 දෙනකු වෙනුවෙන් රතු නිවේදන නිකුත් කොට ඇති බව පවසන ශ්‍රී ලංකාවේ පොලිසිය මේ වනවිට තමන්ගේ වෙබ් අඩවියෙන් ප්‍රසිද්ධියට පත් කොට ඇති අවශ්‍ය පුද්ගලයන් සංඛ්‍යාව 22ක් පමණකි.  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...