The Leader News
BREAKING
Top Ad
පුවත්

කාන්තාවක් නිරුවත්කර ෆේස්බුක් වීඩියෝ දැමු ව්‍යාපාරිකයා අත්අඩංගුවට

T

The Leader Desk

January 19, 2026 • 10:43 AM

  කාන්තාවක් නිරුවත්කර ෆේස්බුක් වීඩියෝ දැමු ව්‍යාපාරිකයා අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශෂ්නි කමාර්ඩින් (SHAZNI KAMARDEEN) නමැති අයෙකි.
  • කාන්තා හා ළමා කටයුතු පිළිබඳ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනී දර්ශිකා කුමාරී විසින් කරවනු ලැබූ විශේෂ මෙහෙයුමකට අනුව මෙම සැකකාර ව්‍යාපාරිකයාත්, ඔහුගේ මාමණ්ඩියත්, ඔහුගේ අතවැසිසේවකයකුත් 18 වැනි ඉරිදා රාත්‍රී 9.00 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී ය.
  • ව්‍යාපාරික කමාර්ඩීන්ට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනා අතර, කාන්තාවක් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, මරණීය තර්ජන කරමින් බලපෑම් කිරීම, නිරුවත් කර අපචාරයට ලක් කරමින් එම අවස්ථාව වීඩියෝ ගත කිරීම හා එම වීඩියෝ පට ප්‍රසිද්ධියට ලක් කිරීම ආදී අපරාධ ගණයේ චෝදනා ගණනාවක්ම තිබේ.
  • ඒ අතර තමන් මීට පෙර කරන ලදැයි කියන අපරාධ ගණනාවක් සම්බන්ධ ස්වයං හෙළිදරව් කිරීම් කීපයක් ද ප්‍රශ්නගත වීඩියෝවේ ඔහුගේ කටහඩින්ම සටහන්ව ඇතැයි වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශෂ්නි කමාර්ඩින් (SHAZNI KAMARDEEN) නමැති අයෙකි.

කාන්තා හා ළමා කටයුතු පිළිබඳ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනී දර්ශිකා කුමාරී විසින් කරවනු ලැබූ විශේෂ මෙහෙයුමකට අනුව මෙම සැකකාර ව්‍යාපාරිකයාත්, ඔහුගේ මාමණ්ඩියත්, ඔහුගේ අතවැසිසේවකයකුත් 18 වැනි ඉරිදා රාත්‍රී 9.00 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී ය.

ව්‍යාපාරික කමාර්ඩීන්ට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනා අතර, කාන්තාවක් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, මරණීය තර්ජන කරමින් බලපෑම් කිරීම, නිරුවත් කර අපචාරයට ලක් කරමින් එම අවස්ථාව වීඩියෝ ගත කිරීම හා එම වීඩියෝ පට ප්‍රසිද්ධියට ලක් කිරීම ආදී අපරාධ ගණයේ චෝදනා ගණනාවක්ම තිබේ.  

ඒ අතර තමන් මීට පෙර කරන ලදැයි කියන අපරාධ ගණනාවක් සම්බන්ධ ස්වයං හෙළිදරව් කිරීම් කීපයක් ද ප්‍රශ්නගත වීඩියෝවේ ඔහුගේ කටහඩින්ම සටහන්ව ඇතැයි වාර්තා වේ.

ගිලනුන් සඳහා උපස්ථායිකාවන් සපයන “දෙමටගොඩ මෑන් පවර් ආයතනයකින්” පසුගියදා ගෙන්වා ගන්නා ලද මෙම කාන්තාව, අපචාරයට ලක් කරමින් ගන්නා ලද වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් ඒ පිළිබඳ කෙරුණු පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කළේය.

 එම විමර්ශන භාරවූ කාන්ත හා ළමා කටයුතු පිළිබඳ කාර්යාංශය පළමුව, උසාවියෙන් සෝදිසි වරෙන්තුවක්ද ගෙන කොළඹ පහ ඩික්මන් පෙදෙසේ ව්‍යාපාරිකයාට අයත් නිවස වටලා ඇති අතර ඒ වන විටත් ප්‍රශ්නගත ව්‍යාපාරිකයා නිවසෙන් පලාගොස් තිබිණ.

 එහෙත් කොළඹ දිස්ත්‍රික්කයේ උසාවියක සේවය කරන “තෝල්ක මුදලිවරයෙක්” එම අවස්ථාවේ එම නිවසේ රැඳී සිට ඇත්තේ කවර හේතුවක් මත දැයි පොලිසිය විමර්ශන පවත්වයි.

 
අදාල ව්‍යාපාරිකයා දිගින් දිගටම මේ ආකාරයට සේවිකාවන් ගෙන්වා ඔවුන්ව අපචාරයට ලක් කරමින් වීඩියෝ ගත කරමින් අන්තර්ජාල පහසුකම් ඔස්සේ ඒවා බෙදා හරිමින් සැලකිය යුතු කාලයක පටන් සිය උමතු ආශාවන් මුදුන් පමුණුවා ගනිමින් කටයුතු කර ඇතැයි චෝදනා එල්ලවී තිබේ.

මෙම ව්‍යාපාරිකයා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Screenshot 2026 01 19 at 3.47.15 PM

| colomboreport.lk

සබැඳි පුවත් :

කාන්තාවක් නිරුවත්කර ෆේස්බුක් වීඩියෝ දැමු ව්‍යාපාරිකයා නිදැල්ලේ !

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...