The Leader News
BREAKING
Top Ad
පුවත්

‘පටු න්‍යාය පත්‍රයක්’ ක්‍රියාත්මක කිරීම ගැන මන්නාරම් ගිය ජනපතිට විරෝධය

T

The Leader Desk

January 19, 2026 • 3:27 PM

‘පටු න්‍යාය පත්‍රයක්’ ක්‍රියාත්මක කිරීම ගැන මන්නාරම් ගිය ජනපතිට විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රදේශවාසී ජනයාගේ හඩට කන් නොදී ආයෝජකයන්ට ඉඩ සැලසීම නිසා ජනාධිපතිවරයාට මන්නාරම් වාසීන්ගේ අප්‍රසාදය පළ වී තිබේ.
  • සිවකරන්ගේ අතිසනින් යුතුව ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් මගින් අවධාරණය කර ඇත්තේ සමානාත්මතාවය යනු වචනයට පමණක් සීමා වූවක් නොව, එය සමාජ සාධාරණත්වය තුළින් ප්‍රායෝගිකව ඔප්පු කළ යුත්තක් බවයි.
  • 'මන්නාරම වින්ඩ්ස්කේප්' සුළං විදුලි ව්‍යාපෘතිය යටතේ මෙරට බලශක්ති ඉතිහාසයේ පළමු වතාවට, එක් ටර්බයිනයක ධාරිතාව මෙගාවොට් 05 ක් වූ මෙරට ස්ථාපිත විශාලතම සුළං ටර්බයින 04ක් බලගැන්වෙන බව එම මාධ්‍ය ඒකකය ජනවාරි 15 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ය.
  • එහි ප්‍රතිඵලයක් ලෙස, දශක හතකට අධික කාලයක් මුළුල්ලේ මෙම රට තුළ ප්‍රභූවාදී මර්දනය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන අතර, ආණ්ඩු හෝ පක්ෂ මාරු වුවද එම මූලික වැඩපිළිවෙළෙහි වෙනසක් සිදු නොවීම කටුක සත්‍යයක් බවත් එහි සදහන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රදේශවාසී ජනයාගේ හඩට කන් නොදී ආයෝජකයන්ට ඉඩ සැලසීම නිසා ජනාධිපතිවරයාට මන්නාරම් වාසීන්ගේ අප්‍රසාදය පළ වී තිබේ.

"මන්නාරම් දූපත් කලාපය තුළ සුළං විදුලි බල ව්‍යාපෘති සහ ඛනිජ වැලි කැණීම් ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස මන්නාරම් වැසියන් ඉදිරිපත් කළ සාමූහික ඉල්ලීම මුළුමනින්ම නොසලකා හරිමින්, පාලකයන් ස්වකීය පටු න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කිරීම පිළිබඳව අපි දැඩි අප්‍රසාදය හා බලවත් කණගාටුව පළ කරමු."

මන්නාරමේ ඉදිකළ මෙගාවොට් 20ක ධාරිතාවයකින් යුත් 'මන්නාරම වින්ඩ්ස්කේප්' සුළං විදුලි බලාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජාතික විදුලිබල  පද්ධතියට එක් කිරීමට දෙදිනකට පෙර මන්නාරම් දිස්ත්‍රික් මහජන සංවිධාන සංගමයේ සභාපති වී.එස්. සිවකරන්ගේ අතිසනින් යුතුව ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් මගින් අවධාරණය කර ඇත්තේ  සමානාත්මතාවය යනු වචනයට පමණක් සීමා වූවක් නොව, එය සමාජ සාධාරණත්වය තුළින් ප්‍රායෝගිකව ඔප්පු කළ යුත්තක් බවයි.

"ප්‍රජාතන්ත්‍රවාදය යනු බලයක් නොමැති ජනයා මුහුදට ලුණු දිය කරන්නාක් වැනි දෙයකි. සමානාත්මතාවය යනු වචනයට පමණක් සීමා වූවක් නොව, එය සමාජ සාධාරණත්වය තුළින් ප්‍රායෝගිකව අර්ථ ගැන්විය යුත්තකි"


වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව CEYLEX Renewables ආයතනය විසින් මන්නාරමේ ඉදිකළ, මෙගාවොට් 20ක ධාරිතාවයකින් යුත් 'මන්නාරම වින්ඩ්ස්කේප්' (WINDSCAPE MANNAR) සුළං විදුලි බලාගාරය 2026  ජනවාරි 15 වැනිදා  පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජාතික විදුලිබල  පද්ධතියට එක් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.


'මන්නාරම වින්ඩ්ස්කේප්' සුළං විදුලි ව්‍යාපෘතිය යටතේ මෙරට බලශක්ති ඉතිහාසයේ පළමු වතාවට, එක් ටර්බයිනයක ධාරිතාව මෙගාවොට් 05 ක් වූ මෙරට ස්ථාපිත විශාලතම සුළං ටර්බයින 04ක් බලගැන්වෙන බව එම මාධ්‍ය ඒකකය ජනවාරි 15 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ය.

"මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යටතේ මෙගාවොට් 5 (5 MW) ධාරිතාවෙන් යුතු ටර්බයින භාවිතයෙන් නිමකළ ප්‍රථම සුළං බල ව්‍යාපෘතිය වන අතර පූර්ණ දේශීය සමාගමක් මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි."

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව,  Hayleys Fentons Limited විසින් මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 15 වැනිදා  පෙරවරුවේ සිදු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබුනි.

ජාතිය ඉලක්ක කරගත් මර්දනයේ වෙනසක් නෑ

මන්නාරම් දිස්ත්‍රික් මහජන සංවිධාන සංගමයේ සභාපති වී.එස්. සිවකරන්ගේ අතිසනින් යුතුව 2026 ජනවාරි 13 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකට යොමු කළ ලිපිය මගින්  මගින් ඔවුන් තව  අවධාරණය කර ඇත්තේ වාර්ගික, භාෂාමය සහ ප්‍රාදේශීය බේද පදනම් කරගත් බෞද්ධ ජාතිකවාදී මර්දනකාරී සිද්ධාන්තය, පංචශීල ප්‍රතිපත්තියෙන් බැහැරව අන්තවාදී ස්වරූපයකින් ඉස්මතු වු බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස, දශක හතකට අධික කාලයක් මුළුල්ලේ මෙම රට තුළ ප්‍රභූවාදී මර්දනය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන අතර, ආණ්ඩු හෝ පක්ෂ මාරු වුවද එම මූලික වැඩපිළිවෙළෙහි වෙනසක් සිදු නොවීම කටුක සත්‍යයක් බවත් එහි සදහන්ය.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම් දුපතේ විනාශකාරී ලෙසින් ස්ථාපිත කර ඇති සුළං විදුලි බලාගාර වලට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන් දියත් කර ඇති අරගලය හමුවේ එම භුමියේ අලුතින් වැඩ කටයුතු අරඹා ඇති සුළං බලගාර දෙකක් සම්බන්ධයෙන් මන්නාරම් ජනතාවගේ අභිලාෂයන්ට පටහැනිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට 2025 අගෝස්තු 13 වැනිදා ජනාධිපතිවරයා පොරොන්දු වු ආකාරයද සහිපත් කරන එම ලිපියේ සදහන් කර ඇත්තේ පීඩිත ජනතාවගේ හැඟීම් හා වේදනාවන් නිසි ලෙස වටහා නොගැනීම හේතුවෙන් මෙරට දෙමළ ජනතාවගේ ජීවිතය අඛණ්ඩව ශාපලත් ඉරණමකට ලක්ව ඇති බවයි.

"මන්නාරම් දිස්ත්‍රික්කය යනු මූලෝපායිකව ඉතා වැදගත් ප්‍රදේශයකි. එහි ස්වභාවික අනන්‍යතාවයට හානි නොවන සේ ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් අපේ ජනතාවගේ සාමූහික ඉල්ලීම් වළ දමා, සැලසුම් කළ පරිදි සුළං බලශක්ති උත්පාදක යන්ත්‍ර 14ක වැඩකටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඛනිජ වැලි කැණීම් කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරන බවට ඔබ අප වෙත සහතික වුවද, එම කැණීම්වල නිරත සමාගම් දෙකම ස්වකීය කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යනු ලබයි."


අදානි සමාගමට ලබා දීමට තිබූ සුළං බලශක්ති උත්පාදක යන්ත්‍ර 52කට අදාළ ස්ථානවල වැඩ නතර කර නැති අතර  අදානි සමාගම ඉවත් වූවා මිස ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අත්හැර දමා නොමැති සේම  ඉඩම් අත්පත් කර ගැනීමද නතර කර නැති බව මන්නාරම් දිස්ත්‍රික් මහජන සංවිධාන සංගමයේ සභාපති වී.එස්. සිවකරන්ගේ අතිසනින් යුතුව 2026 ජනවාරි 13 වැනිදා  ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් තව දුරටත් පෙන්වා දී තිබේ.


වන සංරක්ෂණ  සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගැසට් පත්‍රයක් මගින් පවරා ගත් හෙක්ටයාර දෙලක්ෂ විසි දාහකට අධික භුමියට ඇතුලත් වගා බිම් හා වැව් මේ දක්වා නිදහස් නොකිරීම සම්බන්ධයෙන්ද එම ලිපිය මගින් ඔහු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

"මන්නාරම් දිස්ත්‍රික්කයට අයත් හෙක්ටයාර දෙලක්ෂ විසි එක්දහස් දෙසිය විස්සක (221,220) භූමි ප්‍රමාණයක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගනිමින් මේ වන විට අතිවිශේෂ ගැසට් පත්‍ර මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම භූමි ප්‍රමාණයට සාරවත් වගාබිම් අක්කර 35,750ක් සහ වැව් 108ක් ඇතුළත් වේ. මෙම ඉඩම් හා වැව් නිදහස් කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, මාස හයක් ඇතුළත ඒවා නිදහස් කිරීමට පියවර ගන්නා බවට ඔබ සහතික කළා.එහෙත්, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගෙන නොමැත. නීත්‍යානුකූල අයිතිය තහවුරු කළ ඉඩම් පවා පරිහරණය කිරීමට නොහැකි අවාසනාවන්ත තත්ත්වයක් උදාවී ඇත. අවසානයේ, දිළිඳු ජනතාවට තම ජීවනෝපාය වෙනුවෙන් පලු වැනි වනාන්තර ඵලදාවන් නෙළා ගැනීමට පවා ඉඩ නොලැබෙන සේ දැඩි මර්දනකාරී පිළිවෙතක් ක්‍රියාවට නංවා ඇත."

ජනතාවගේ මූලික අයිතිවාසිකම් ද මෙහිදී බරපතල ලෙස උල්ලංඝනය වෙමින් පවතින අතර අලුතින් පදිංචි වීම සඳහා බිම් අඟලක හෝ ඉඩමක් නොමැති තත්වයක්  උද්ගතව ඇතත්, ත්‍රිවිධ හමුදා කටයුතු සඳහා සහ බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම් සඳහා කිසිදු නීතිමය බාධාවක් එල්ල නොවීම සම්බන්ධයෙන්ද මන්නාරම් දිස්ත්‍රික් මහජන සංවිධාන සංගමයේ සභාපති වී.එස්. සිවකරන්ගේ ජනාදිපතිවරයාගෙන් විමසා තිබේ.

මන්නාරමේ සම්පත් කොල්ලකා ජීවන රටාව විනාශ කිරීම සාධාරණද දැයි ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් තව දුරටත් ප්‍රශ්න කරන මන්නාරම් දිස්ත්‍රික් මහජන සංවිධාන සංගමයේ සභාපති වී.එස්. සිවකරන්ගේ අවධාරණය කර ඇත්තේ  වර්තමානයේ ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් වූවන්ට පවා මෙතෙක් නිසි සහන ලැබී නොමැති බවයි.


පීඩිත පන්තියේ සැබෑ සහකරුවකු යැයි කියා ගන්නා බැවින්, සිය ජනතාවගේ හැඟීම්වලට ගරු කරමින්, මෙම සුළං බලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමට ප්‍රථම අවම වශයෙන් මෙම ඉඩම් හෝ නිදහස් කිරීමට පියවර ගනු ඇතැයි මන්නාරම් වාසීන්  අපේක්ෂා කරන බව 2026  ජනවාරි 13 වැනිදා මන්නාරම් දිස්ත්‍රික් මහජන සංවිධාන සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකට යොමු කළ ලිපියේ  වැඩිදුරටත් සඳහන්ව තිබුනි.

kdfkdj

xcfas

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘පටු න්‍යාය පත්‍රයක්’ ක්‍රියාත්මක කිරීම ගැන මන්නාරම් ගිය ජනපතිට විරෝධය | The Leader