නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම නව පනත් කෙටුම්පත තුළ එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී විශේෂඥයින් විසින් නියම කර ඇති නිර්දේශ ඇතුළත් නොවන බවය.
එය ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට ලබාදුන් මානව හිමිකම් ආරක්ෂා කිරීම්වලට අනුකූල නොවන බව ද “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානය පවසයි.
වත්මන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු පීඩාකාරී ක්‍රියාවන් අහෝසි කිරීම සහ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම සඳහා ප්‍රතිඥා ලබාදී ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.
එහෙත් ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සමාන විධි විධාන රැසක් ඇතුළත් කර ඇති බව “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානයේ ආසියානු කාලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
ත්‍රස්ත විරෝධී නීති භාවිත කරමින් දෙමළ, මුස්ලිම් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ඇතුළු රජයේ විරුද්ධවාදීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් ඉතිහාසයේ සිදුවු අතර එය වත්මන් රජය යටතේ ද සිදුවෙමින් පවතින බව ඇය සඳහන් කළාය.
වත්මන් පනත් කෙටුම්පතට ත්‍රස්තවාදය පිළිබද පුළුල් හා නොපැහැදිලි අර්ථ දැක්වීමක් ඇතුළත් කර ඇති අතර එයට ත්‍රස්තවාදයක් නොවන අපරාධ ඇතුළත් වන බැවින් දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කිරීමක් ලෙස අර්ථ දැක්වීමක් සිදුකළ හැකි බව ද 'හියුමන් රයිට්ස්' සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී ඇත.
| adaderana




