ගෙවීම් කටයුතුවලට විධිමත්භාවයක් ලබා දීම, මාර්ගෝපදේශ සැකසීම සහ තාක්ෂණික නිලධාරීන්ගේ තක්සේරුවක් යටතේ වන්දි ගෙවීම් ආරම්භ කරන තුරු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර නොකරන බව හෙතෙම සඳහන් කළේ ය.
‘චක්‍රලේඛයට වැඩ කළොත් විගණක ගැටලු එනවා’
නිවාස තක්සේරුවක් නොකර රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල ගෙවීමට සහ අනවසර පදිංචිකරුවන්ට එම වන්දි මුදල ලබාගැනීමට රජය චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි කී සභාපතිවරයා, මෙම චක්‍රලේඛයේ උපදෙස් ක්‍රියාත්මක කළහොත් අනාගතයේදී ග්‍රාම නිලධාරීන්ට විගණන ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බව ප්‍රකාශ කළේ ය.
රජයේ නිවාස වන්දි ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට යෑමේදී ග්‍රාම නිලධාරීන්ට ගම් මට්ටමින් බලවත් පීඩනයක් එල්ලවී ඇතැයි කී සභාපතිවරයා, තාක්ෂණික නිලධාරියෙකු තක්සේරු නොකළ නිවසකට වන්දි මුදල් ලබාදුනහොත් මුදල් ගෙවීමේ වගකීම හා වගවීම ග්‍රාම නිලධාරි පිට පැටවෙන බව පැවසීය.
චක්‍රලේඛයේ අර්ධ හානි ගෙවීමට අදාළව තක්සේරුවක් හෝ නිර්ණායක ඉදිරිපත් නොකිරීම හේතුවෙන් බිත්තියක ඉරක් ගියද තහඩුවකට හානි වුවද රුපියල් ලක්ෂ 05ක් ගෙවීමට සිදු වන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
( mawbima | Amith Maduranga Gamage)




