The Leader News
BREAKING
Top Ad
පුවත්

‘නීතිපති දෙපාර්තමේන්තු ක්‍රියාවලිය වෙනස් කළ යුතුයි’- මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

T

The Leader Desk

January 20, 2026 • 7:10 AM

‘නීතිපති දෙපාර්තමේන්තු ක්‍රියාවලිය වෙනස් කළ යුතුයි’- මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භාෂණයේ හා ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමට නම් නීතිය නිවැරදිව බලාත්මක කරන ආයතන මෙන් ම කැපවීමක් ඇති ආණ්ඩු අවශ්‍ය යැයි මහාචාර්යවරිය අවධාරණය කළා ය.
  • එසේ නීතිය නිවැරදිව බලාත්මක කිරීමේ ආයතන ලංකාව සතුව තිබේ දැයි ප්‍රශ්න කළ ඇය ආණ්ඩුවේ කැපවීමෙන් ඔබ්බට ගිය පියවරක් දැන් අවශ්‍යව ඇතැයි ද ඇය පැවසුවා ය.
  • නීතිපති ධූරයේ භූමිකාව වෙනස් නොකළහොත් මෙම පරස්පරතා දිගට ම පවතිනු ඇතැයි ද ඇය කීවා ය.
  • මහාචාර්යවරිය මෙම අදහස් පළ කළේ, ජනමාධ්‍යට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පමාවීමට විරෝධය පළකරමින් ‘ජනවාරිය තවම කළුයි’ මැයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඊයේ (19) සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයේ දෙසුමක් පවත්වමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


භාෂණයේ හා ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමට නම් නීතිය නිවැරදිව බලාත්මක කරන ආයතන මෙන් ම කැපවීමක් ඇති ආණ්ඩු අවශ්‍ය යැයි මහාචාර්යවරිය අවධාරණය කළා ය.

එසේ නීතිය නිවැරදිව බලාත්මක කිරීමේ ආයතන ලංකාව සතුව තිබේ දැයි ප්‍රශ්න කළ ඇය ආණ්ඩුවේ කැපවීමෙන් ඔබ්බට ගිය පියවරක් දැන් අවශ්‍යව ඇතැයි ද ඇය පැවසුවා ය.

නීතිපති ධූරයේ භූමිකාව වෙනස් නොකළහොත් මෙම පරස්පරතා දිගට ම පවතිනු ඇතැයි ද ඇය කීවා ය.

මහාචාර්යවරිය මෙම අදහස් පළ කළේ, ජනමාධ්‍යට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පමාවීමට විරෝධය පළකරමින් ‘ජනවාරිය තවම කළුයි’ මැයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඊයේ (19) සංවිධානය කර තිබු  සම්මන්ත්‍රණයේ දෙසුමක් පවත්වමිනි.

‘භාෂණයේ යුක්තිය උදෙසා’ මැයෙන් මෙවර සංවිධානය කළ සම්මන්ත්‍රණය නාරාහේන්පිට ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණගාරයේ පැවති අතර ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම හා යුනෙස්කෝහි හිටපු සන්නිවේදන අංශ අධ්‍යක්ෂවරයෙකු වූ විජයානන්ද ජයවීර ද මෙහිදී දෙසුම් පැවැත්වූහ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී නීතිපති දෙපාර්තමේන්තු ක්‍රියාවලිය තවත් අර්බුදයට යැවී යැයි චෝදනා කළ මහාචාර්යවරිය, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වධහිංසාවට වැරැදිකරුවෙකු කළ තැනැත්තෙකු අපරාධ විමර්ශන ප්‍රධානියෙකු බවට පත් කළ පසු එය යුක්තිය පසිඳලීමේ පරස්පරයක් නොවේදැයි ප්‍රශ්න කළාය.

( mawbima | Bingun Menaka Gamage)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...