මෙම අභියාචනා පෙත්සම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා පෙත්සම් විභාගය සඳහා මාර්තු මස 9 වනද කැඳවන බවය.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන පනහකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු කරනු හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ ට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා නලින් ප්‍රනාන්දු ට බරපතල වැඩි සහිත වසර 25 ක සිර දඬුවම් නියම විය.
එම දඬුවමට එරෙහිව මොවුන් මෙම අභියාචන ඉදිරිපත් කර ඇත.




