The Leader News
BREAKING
Top Ad
පුවත්

විනිසුරුවරුන්ට එරෙහි විවේචන වහා නවතනු! - විනිසුරු සංගමය

T

The Leader Desk

January 20, 2026 • 3:14 PM

විනිසුරුවරුන්ට එරෙහි විවේචන වහා නවතනු! - විනිසුරු සංගමය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කිරීමට දරන උත්සාහයන් පිළිබඳව සිය සංගමයේ දැඩි අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පවසයි.
  • අධිකරණ සේවා සංගමය විසින් මේ බව සඳහන් කරමින් ඊයේ (19) අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණවලට සෘජුව හෝ වක්‍රව බලපෑම් කිරීම දණ්ඩනීය වරදක් බව එම ලිපිය මඟින් අවධාරණය කර තිබේ.
  • එ සේම 2024 අංක 08 දරන ‘අධිකරණයට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම’ පිළිබඳ පනත යටතේ විනිසුරුවරුන්ට අපහාස කිරීම සිරදඬුවම් ලැබිය හැකි වරදකි.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කිරීමට දරන උත්සාහයන් පිළිබඳව සිය සංගමයේ දැඩි අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පවසයි.

අධිකරණ සේවා සංගමය විසින් මේ බව සඳහන් කරමින් ඊයේ (19) අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණවලට සෘජුව හෝ වක්‍රව බලපෑම් කිරීම දණ්ඩනීය වරදක් බව එම ලිපිය මඟින් අවධාරණය කර තිබේ. එ

සේම 2024 අංක 08 දරන ‘අධිකරණයට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම’ පිළිබඳ පනත යටතේ විනිසුරුවරුන්ට අපහාස කිරීම සිරදඬුවම් ලැබිය හැකි වරදකි.

අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම පිටුපස, නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීමේ නිශ්චිත ඉලක්කගත විනාශකාරී වැඩපිළිවෙළක් පවතින්නේද යන්න පිළිබඳව ද සංගමය සිය සැකය මෙම ලිපිය හරහා ඉදිරිපත් කර තිබේ.

පොදු මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමටත්, අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන ඕනෑම විනාශකාරී උත්සාහයකට එරෙහිව නීත්‍යානුකූලව ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගැනීමටත් අධිකරණ සේවා සංගමය කිසිවිටෙකත් පසුබට නොවන බව එම ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

(lankalokaya | සචිත්‍ර සේකර)

lkhklkdf

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විනිසුරුවරුන්ට එරෙහි විවේචන වහා නවතනු! - විනිසුරු සංගමය | The Leader